එජාප සාමාජික ප්‍රවර්ධනය අකිල යටතට !



එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් ලක්ෂයක් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආරම්භ කර තිබේ.

එජාපය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනට සමගාමීව එජාප මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහන එජාප ආසන සංවිධායකයන් විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

මේ සඳහා එජාපයේ සියලුම ශාඛා සමිති, තරුණ හා කාන්තා සමිති, ලක් වනිතා සංවිධානය, එජාප යෞවන සමාජවල දායකත්වය ලැබෙන අතර මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ලබන අගෝස්තු මස 31දා වනවිට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ තොරතුරු පක්ෂ මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය වෙත ඍජුවම වාර්තා කරන ලෙස මහ ලේකම්වරයා උපදෙස් දී තිබේ.

Info Sri Lanka TV

Powered by Blogger.