විමල්ගේ අසෝභන හැසිරීමට දඩුවම් ලැබෙන ලකුණු.



විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගිය 03 වෙනිදා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති අවස්ථාවේ දී ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ මහතාගේ හා ප්‍රසන්න රණවිර මහතාගේ අශිලාචාර හැසිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම සදහා ලබන 11 වන දින පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව රැස්වී ඒ සම්බන්දයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

යම් හෙයකින් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා වැරදිකරුවන් ලෙස නම් කළහොත් ඒ සඳහා දඩුවම් නියම කිරීමට නියමිත බවද වාර්තාවේ.

ඒ අනුව දෝෂාරෝපණය, තරවටු කිරීම මෙන්ම නිශ්චිත කාල සීමාවක් දක්වා පාර්ලිමේන්තුව තහනම් කිරීමටද සිදුකළ හැකි බවත් පැවසේ. 

කතානායකවරයා මිට පෙර ද විමල් වීරවංශ මන්ත්‍රීවරයාට දැඩි අවවාද කර ඇති අතර එම නිසාම මෙවර ඔහුට යම් දඩුවමක් නියමවනු ඇතැයි ප්‍රකාශවේ.

පසුගිය 03දා ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භය මැදට පැමිණ සටන් පාඨ කියමින් විරෝධතාවයක නිරතවු අතර එහිදී අශෝභන වචන භාවිත කළ බවටත් සෙංකෝලය ගැනීමට උත්සාහ බවටත් චෝදනා එල්ලවිය.

එහිදී කතානායකවරයා විසින් විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරු හට දැඩි ලෙස අවවාද කරනු ලැබීය.

Latest Video

Powered by Blogger.