තරුණයක් පිරිසක් ලොකු වැඩකට සැරසෙයි.




මේ වන විටත් පැරණි සිවිල් සංවිධාන මෙන්ම ඒවායේ ක්‍රියාකාරීන් විශ්‍රාම ගෙන ඇති අතර තවත් පිරිසක් කල් ඉකුත්ව ගොස් තිබේ. ඇතැමුන් සිවිල් සංවිධාන මෙහෙයවන අතර රජයේ තනතුරුද දරන්න ගෙන නරුම විකාරකාරයන් බවට පත්ව තිබීම ද ඛේදවාචකයකි.

මේ වන විට මෙරට ජනතා අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන කිසිඳු ජාතික ව්‍යාපාරයක් හෝ සිවිල් සංවිධානයක් ක්‍රියාත්මක නොවන අතර ඒ හේතුවෙන් ම තරුණ පිරිසක් විසින් එක්ව ශ්‍රී ලංකාවේ පළමු වරට ජනතා අරමුණු දිනාගැනීම වෙනුවෙන් ජනතා ජාතික ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නියමිත බවට වාර්තා වේ. 

කෙසේ නමුත් මේ වන විට එම ජාතික ව්‍යාපාරය තම කල එළි බැස්මට ලහි ලහියේ කටයුතු කරන බව ද වාර්තා වේ.

'මේ අපේ ශ්‍රී ලංකාව ද?' යන තේමාව මුලික කරගෙන එම සංවිධානය කටයුතු කිරීමට නියමිත බව ද වාර්තා වේ.

මේ අතර 'මේ රට මගේ රට' නම් වීඩියෝවක් ද පසුගිය දා අන්තර්ජාලයට එක්වී තිබේ.



Latest Video

Powered by Blogger.