කරන්නන් වාලේ වැඩ කිරිම හෙවත් හණ මිටිය කරතියාගෙන යෑම.



රුසියාවෙ Kremlin මාලිගාවට අතීතයේ දවසක් රටේ ජෙනරාල් වරයා පැමිණුනා. නිවාඩුපාඩුවෙ ඉන්න වෙලාවක ජනේලයෙන් එළිය බැලුවම විශාල හිස් ඉඩමක හමුදා සෙබලෙක් අඩි දහයක් එහාට යනවා මෙහාට යනවා. ඇයි එතනට විශේෂ හමුදා ආරක්ෂාවක් දීල තියෙන්නෙ කියන එක ජනරාල් වරයාට ප්‍රශ්නයක්. එම ප්‍රදේශය බාර හමුදා නිලධාරියා ගෙන්වල ඒ ගැන විමසීමක් කලාම බොහෝ කාලයක සිට තමන්ට කලින් සිටි නිලධාරීන් පවා අදාල ස්ථානය ආරක්ෂක ස්ථානයක් ලෙස සලකා හමුදා ආරක්ෂාව යොදවන නමුත් තමන් එයට හේතුව නොදන්නා බවත් තමන් විසින් අදාල කාර්යය ඉදිරියට පවත්වාගෙන ගිය බවත් පිලිතුර විදියට ලැබුණා. ජනරාල්වරයා අදාල සිදුවීමේ මුල හොයාගෙන ගියා කලින් අදාල ප්‍රදේශය බාර හමුදා නිලධාරීන්ගේ සිට විශාමිකයින් දක්වා සියලු දෙනාම අමතා නිවැරදි හේතුව හොයාගත්තා. අවුරුදු ගණනාවකට කලින් අධික ශීතල සමයක ගහක කොළයක්වත් දකින්න නැති කාලෙක අදාල ස්ථානයේ පැලයක් හැදිල මලක් පිපිල තියෙනව පළාතම හිමෙන් වැහුණු කාලෙක මේ සුන්දර දර්ශනය ආරක්ෂා කරන්න ඒ අවධියේ ප්‍රදේශය බාර හමුදා නිලධාරියා අදාල පැලය සහ මල ආරක්ෂා කරන්න හමුදා නිලධාරියෙක් යොදවල. මලත් පරවෙලා පැලෑටියත් මියැදිලා අදාල නිලධාරීන්ට උසස්වීම් ලැබිලා ස්ථාන මාරුවෙලා නමුත් මල තිබුණු තැනට අදාල ආරක්ෂාව නොවෙනස්ව ලැබිලා. ඒත් ඇයි එතනට හමුදා ආරක්ෂාව කියල හොයන්න බලන්න කවුරුත් ඉඳල නෑ .



මේක තමා අද අපේ බහුතර රාජ්‍ය ආයතන වලටත් වෙලා තියෙන්නෙ අද දුම්රිය දෙපාර්තමේන්තුවේ රියදුරන්ට සහ ගාඩ්ල විදියට ඉන්නෙ ස්වදේශිකයින්. නමුත් සුද්දන් රට පාලනය කල අවධියේ එම රාජකාරි කලේ සුදු ජාතිකයින්. එයාල ස්වදේශිකයින්ට සැලකුවේ වහලුන්ට වගේ එයාලගෙ අතේ ගෙනියන පෙට්ටිය පවා කවුරුන් හෝ පෝටර් කෙනෙක් තමා ගෙනිච්චෙ. තමන්ගෙ රාජකාරියට අවශ්‍ය භාණ්ඩ ඇතුලත් කුඩා පෙට්ටිය ගෙනියන හේතුවට කුඩා ගෙවීමක් කලා. දුම්රිය දෙපාර්ථමේන්තුවෙන් තමයි අදාල ගෙවීම කලේ. ඔබ විශ්වාස කරනවානම් සුද්ද රට දාල ගිහින් අවුරුදු 70 උනත් ඔය ගෙනියන කිලෝතුනක පෙට්ටිය සුළු සේවකයෙක් ගෙනියන්නෙ නැත්නම් දුම්රිය රියදුරන් සහ ගාර්ඩ්ලට එක වාරයකට අදටත් රුපියල් දහයක් දුම්රිය දෙපාර්ථමේන්තුවෙන් ගෙවනව.

ඒ විතරක් නෙවෙයි අද මරදාන ඉඳන් එක පැත්තකින් අලව්ව එක පැත්තකින් පුත්තලම අලුත්ගම අවිස්සාවේල්ල පාලනය වෙනවා මේ ස්ටේශන් වල මොනාවහරි ප්‍රශ්නයක් උනොත් උදාහරණයකට ටියුබ්ලයිට් එකක් පිච්චුනත් ඒක මාරු කරන්නත් යන්න වෙන්නෙ අදාල ෆිටර් සහ ඔහුගේ සහායකයයෙක් ලෙස දෙන්නෙක් එක ටියුබ් ලයිට් එක මාරු කරන්න මරදානෙ ඉඳන් යනවා. එහෙම යනවට එක්කෙනෙකුට 350 ගානෙ ප්‍රවාහන ගාස්තුවක් ගෙවනව. ඒ ඇරෙන්න එයාල ටියුබ් ලයිට් එක හයිකරන්න ගිහින් එන්න අඩුම තරමේ පැය අටක්වත් එක්කෙනෙකුට ඕටි වැටෙනව. පැයට 150 ගානෙ දෙන්නටම 2400 යනව. පඩියට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් රුපියල් 200 ටියුබ් ලයිට් එකක් මාරු කරන්න සේවකයින්ට රුපියල් 3100 ක් ගෙවනව. ඒ විතරක් නෙවෙයි පහුවෙනිදාට ඔවුන් රාජකාරි නිවාඩු. මේ සාමාන්‍ය ෆිටර් කෙනෙක්ගෙ කතාව වැඩපරීක්ෂකයෙක් සම්බන්ධ වෙලා අදාල රාජකාරිය කලොත් තව වියදම් දෙගුණ තෙගුණ වෙනවා. ඉතින් දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබන එක අහන්නත් දෙයක්ද ? රටක් හදනවනම් අපි මේ වගේ කුඩා කුඩා තැන්වලින් තමයි හදන්න පටන් ගන්න ඕනෙ.

2001-2004 එජාප ආණ්ඩුවෙන් එක් ව්‍යාපෘතියක් දියත් කරන්න සූදානම් වුණා. ඒ ඉන්දියාවෙ sothern railway එකෙන් colombo metro දුම්රිය සේවය හඳුන්වාදීල කොටුව දුම්රිය ස්ථානය යට පොලවේ සාප්පු සංකීරණ සහ සුපර්මාර්කට් හදලා මරදාන දුම්රිය ස්ථානය යට පහලින් ජනතාවට නිතරම අවශ්‍ය රාජ්‍ය ආයතන වන පුද්ගලයින් ලියාපදින්චි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන එක වගේ ආයතන ගෙනත් දුම්රියෙන් ඇවිත් අදාල වැඩ කරගෙන දුම්රියෙන්ම යා හැකි ක්‍රමයක් නිර්මාණය කරන්න. නමුත් මේ ව්‍යාපෘතිය කරන්න නම් දුම්රිය දෙපාර්තමේන්තුව සංස්ථාවක් කරන්න ඕනෙ එහෙම උණානම් නිකන්ඉඳන් පඩි ගන්න තිබුණු අවස්ථාවන් නැතිවෙලා ලබාගන්නා වැටුපට දෙයක් කරන්න වෙයි කියල බයවුණු දුම්රිය සේවකයින් වෘත්තීය සමිති සමඟ එක්ව අදාල ව්‍යාපෘතිය පරාජය කලා. අදටත් පරක්කු නෑ හණ මිටිය කරතියාගත් මිනිහ වගේ හැමදාම පාඩු ලබ ලබ එකම තැන ඉන්නෙ නැතිව අද හරි දුම්රිය දෙපාරතමේන්තුව ලාබ ලබන ආයතනයක් බවට පත්කරන්න.

[සටහන - දිනේෂ් රවිචන්ද්‍රරජා]

Latest Video

Powered by Blogger.