චමින්ද වාස් එජාපයෙන් දේශපාලනයට : ඩිල්ෂාන් පොහොට්ටුවෙන්.



ලංකාවෙන් බිහිවූ දක්ෂතම වේග පන්දුයවන්නකු වන චමින්ද වාස් එජාපයෙන් දේශපාලනයට පිවිසීමට සූදානම්වන බව වාර්තා වේ.

ඔහු දේශපාලන ප්‍රවෙශය වෘත්තාන්ත චිත්‍රපටයක් හරහා සිදු කිරීමට සැලැසුම් කර ඇති බව පැවසෙන අතර එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ දකුණු ඉන්දියාවේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රභූ දේවා විසින් බවද පැවසේ.

පසුගියදා මොහු ඉන්දියාවේ ප්‍රබල දෛවඥයන් ගණනාවක් මුණගැසී ඇති බවද මේ අතර වාර්තා වේ.

පසුගිය කාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට ද මෙලෙස දේශපාලනයට එක්වන ලෙස එජාපය ආරාධනා කළද ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

වාස්, පසුගිය දිනක එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඇති බවද මේ අතර වාර්තා වේ.

ඊට අමතරව, ඉදිරි මැතිවරණයකදී හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් තිලකරත්න ඩිල්ෂාන්ද දේශපාලනයට පිවිසීමට සූදානමක් ඇති බව පැවසේ.

Latest Video

Powered by Blogger.