'උතුරට ෆෙඩරල් එපා' - සුමන්තිරන්ගෙන් ඓතිහාසික ප්‍රකාශයක්!



මේ වන විට ෆෙඩරල් ද ඒකීයද යන වෙන්වීම අහෝසි වී ඇති අතර අවශ්‍ය වන්නේ අර්ථවත් බලය බෙදීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන ඒකීය ක්‍රමය ෆෙඩරල් ක්‍රමයට වඩා දියුණු තැනක පවතින හෙයින් අපි එවැනි ආදර්ශයන් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව තමන් ඇතුළු පිරිස ඉල්ලා සිටින්නේ ෆෙඩරල් ලේබලය සහිත ක්‍රමයක් නොව මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි වූ බලය බෙදීමක් බව ඔහු පෙන්වා දෙයි.

රාජ්‍ය බලය හරියාකාරව බෙදා ගත යුතු අතර බහුතර කැමැත්තට අනුව තීරණ ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

මේ අතර පසුගියදා හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකළ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් සුමන්තිරන් මහතා කියා සිටියේ මේ වන විට සිංහල දේශපාලන නායකයන් දෙමළ ජනතාව වෙත ලබා දෙමින් සිටින පණිවිඩය එය බවයි.

Latest Video

Powered by Blogger.