විජයකලා රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවතට!




එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි හිස එසවිය යුතු බවට ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කර තීන්දුවක් ගන්නා තෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන මෙන් අග්‍රාමාත්‍යවරයා ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි රජයේ ඉහළ පෙළ ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

අපට ලැබෙන තොරතුරු අනුව ජනපතිවරයාද එයට එකඟත්වය පළකර ඇතැයි පැවසේ.

විජයකලා ට එරෙහිව විනය පරීක්ෂණයක්

මේ අතර අදාල ප්‍රකාශය සම්බන්ධව විනය පරීක්ෂණයක් පවත්වන බව කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවට දන්වා ඇතැයි වාර්තා වෙයි.

කතානායකවරයා මෙම දැනුම්දීම අද (03) සිදුකර ඇත්තේ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයට එරෙහිව  ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව තුල දැඩි විරෝධයක් ඇති කිරීමත් සමඟය.

එහිදී විරෝධතා දැක්වූ  මන්ත‍්‍රිවරුන් කියා ඇත්තේ  රාජ්‍ය ඇමතිවරිය අමාත්‍ය පදවියෙන් පමණක් නොව  පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන්ද ඉවත් කල යුතු බවය. 


මෙම විරෝධතා හේතුවෙන් පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක් බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තැබීමට කතානායකවරයා කටයුතු කළ බවද වාර්තා වෙයි.

Info Sri Lanka TV

Powered by Blogger.