ඉන්දියාවේදී යුදහමුදාවේ 100කට දුම්රිය රියදුරු පුහුණුවක්.



යුදහමුදාවේ සියදෙනෙකුට ඉන්දියාවේදී දුම්රිය රියදුරු පුහුණුවක් ලබාදීමට සාකච්ඡා පවත්වමින් යන බව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කෙටිකලකට හමුදාවට පුහුණු කිරීමට ඉන්දීය දුම්රිය රියදුරන් පිරිසක් ලංකාවට ගෙන්වීමට යන බවට ලැබූ තොරතුරක් සම්බන්ධයෙන් කළ විමසීමකදීය.

හමුදාවට ලබාදීමට නියමිත දුම්රිය රියදුරු පුහුණුව ඉතා කඩිනම් ලෙස සිදු කරීමට ද සැලැසුම් කර ඇති බව ඔහු කියා සිටියේය.

දුම්රිය සේවකයින්ගේ අසාධාරණ හා අශිලාචාර වැඩවර්ජනය නතර කරන තෙක් ඔවුන් සමඟ සාකච්ඡා කිරිමට මහා භාණ්ඩාගාරය සුදානම් නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹදී ඊයේ පවසා තිබිණි.

දුම්රිය ගමන්වාර කිහිපයක් සිදුකිරීමට එකඟතාවයක් !

දුම්රිය ගමන්වාර කිහිපයක් සිදුකිරීමට වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති මේවන විට තීරණය කර තිබේ.

අද (11) සවස පැවති දුම්රිය වර්ජනයේ නිරත වෘත්තිය සමිති ඒකාබද්ධ සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණයට එළැඹි බව දුම්රිය එන්ජින් රියදුරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා කියා සිටියේය.

ඔහු සඳහන් කළේ දුම්රිය බලධාරීන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අද පස්වරුවේ සිට දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට තීරණය කළද වර්ජනය එලෙසම ක්‍රියාත්මක වන බවයි.

කෙසේවුවද, නියමිත කාලසටහනකට අනුව දුම්රිය ක්‍රියාත්මක නොවන බැවින් දුම්රිය මාර්ග සංඥා සහ දුම්රිය හරස් මාර්ග භාවිත කිරීමේදී ජනතාව වඩාත් සැලකිලිමත්ව කටයුතු කරන ලෙසද ඔවුන් ඉල්ලීමක් කළේය.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.