රුසියාවට - දයාන් : ඉන්දියාවට - ඔස්ටින්.



ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටවල් 10ක් සඳහා තානාපතිවරු පත්කර ඇති අතර රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආචාර්ය දයාන් ජයතිලක මහතා පත්කර තිබේ.

ඔහුගේ පත්කිරීමට පාර්ශ්ව කිහිපයකින්ම විරෝධතා එල්ලව තිබුණද ඔහු පත්කර ඇත.

ආචාර්ය දයාන් ජයතිලක මහතා පසුගිය කාලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මග වැඩසටහන හා එක්ව සිටි අයෙකි.

මේ අතර හිටපු ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට පත්කර ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම් සිදුකර ඇත.

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නව තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු මෙසේය.

නොර්වේ - මහාචාර්ය අරූෂා කුරේ.
රුසියාව - අචාර්ය දයාන් ජයතිලක.
බ්‍රසීලය - එම්.එම් ජෆීර්.
කැනඩාව - එම්.ඒ.කේ ගිරිහාගම.
ඉන්දියාව - ඔස්ටින් ප්‍රනාන්දු.
පෝලන්තය - සී.ඒ.එච්.එම් විජේරත්න.
ස්වීඩනය - එස්.එස් ගනේගමආරච්චි
වියට්නාමය - එස්.එස් ප්‍රේමවර්ධන.
දකුණු අප්‍රිකාව - අනුරුද්ධ කුමාර මල්ලිමාරච්චි.
පාකිස්තානය - නූර්දීන් මොහොමඩ් ෂහීඩ්.

No comments:

Latest Video

Powered by Blogger.