Ad

පස් කන්ටේනර් අස්සේ රන් පිටරට යවන ජාවාරමක්?




රුපියල් කෝටි ගණන් වටිනා  රන් කැබලි මිශ්‍ර පස් පිටරට පැටවීමේ මහා පරිමාණ ජවාරමක් හෙළිකර ගැනීමට රේගුව හා පතල් කැනීම් කාර්යංශය සමත් වී තිබේ.

පසු ගිය වසරේ ජුනි මසයේ දී රේගුව විසින් රඳවාගෙන තිබූ පස් කන්ටේනර් 64කින් ලබාගත් පස් සාම්පල් පිළිබඳව සිදු කළ පරීක්ෂණයකින් පසුව මෙම ජවාරම අනාවරණය කරගෙන ඇත.

නීති විරෝධී ලෙස රන්කැබලි මිශ්‍ර පස් පිටරට යැවීමේ චෝදනාව මත එම කන්ටේනර් වලට රුපියල් ලක්ෂ 50ක දඬ මුදලක් නියම කර එම අපනයනය කිරීම  තහනම් කිරීමට රේගුවේ හිටපු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පියවර ගෙන ඇත.

එම සිද්ධියෙන් පසුව තවත් එවැනිම පස් කන්ටේනර් 15ක් රේගුව විසින් නවත්වාගෙන ඇත්තේ ඉහත ජවාරම හෙළි වූ පසුවය.

තමිල්නාඩුවේ ප්‍රබල දේශපාලඥයකුගේ ඥාතීයෙක් යැයි කියන ව්‍යාපාරිකයෙක් මෙරටට පැමිණි මෙම කන්ටේනර් 15 ගෙන යෑමට උත්සහ ගෙන ඇත.

මේ අතර මෙම ජාවාරම හෙළි කර ගැනීමට මුල් වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා මාරුකර යැවීමට පියවර ගෙන ඇතැයි දැන ගන්නට තිබේ.

මේ අතර රේගු අඥා පනතට අනුව පැවරී ඇති බලතල වලට අනුව මෙම රන් කැබලි අඩංගු කන්ටේනර් 15 නිදහස් කර ගන්නා බවට රේගුව පියවර ගන්නා බවට පතල් හා කැනීම් කාර්යංශයට වාර්තා වී ඇත.  ඒ අනුව වහා ක්‍රියාත්මක වූ කාර්යංශයේ ප්‍රධානීන් මේ පිළිබඳව පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ආයතන වලට මේ පිළිබඳව දැනුම් දී  අදාළ කන්ටේනර් 64 නිදහස් කිරීම නවතා ඇත.

සිද්ධිය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකෙරේ.

Powered by Blogger.