'හිරේ සිටිය යුතු විමල් එළියේ ඉන්නේ අගමැති නිසා' - රංගේබණ්ඩාර හෙළිකරයි.


හිරේ නොයා බේරී සිටීමට පා. ම. විමල් වීරවංශට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපකාර කර තිබෙන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර  පවසයි. 

රාජ්‍ය අමාත්‍යවරයා  පෙන්වා දෙන්නේ නීති විරෝධී විදේශ ගමන් බලපත‍්‍ර භාවිතා කිරීම සිර දඩුවම් ලැබිය හැකි වරදක් බවය. 

තවද මීට ඉහතදී මහාචාර්ය ජී.එල්.පිරීස් විසින් ගෙන එන ලද නීතියට අනුව එම වරදට ඇප ලබා දිය නොහැකි බවත්, වරදට අදාල නඩුව අවසන් වනතුරු සිර දඩුවම් විදින්නට සිදුවන බවත් කී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ විමල් වීරවංශට පමණක් එම නීතිය කි‍්‍රයාත්මක නොවුනු බවය.

පුත්තලම, ආණමඩුව සිරම්බිඅඩිය ප‍්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත උදාගම්මානය සඳහා මුල්ගල තබමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.


No comments:

Ad
Powered by Blogger.