ජූලි මාසයේ සංචාරක පැමිණීම ඉහළට : ඇමරිකානුවෝ 47% කින් වැඩිවෙයි.
මෙහිදී වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. 31,032 ක් ලෙසින් සටහන් වන මෙම ප්‍රමාණය 7% ක ඉහළ යාමකි. මේ අතර චීනයෙන් මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 28,445 ක් දක්වා 3.5% කින් පහළ ගොස් තිබේ.
මෙම නවතම සංඛ්‍යාලේඛන පිරික්සීමේ දී දැකිය හැකි සුවිශේෂී කාරණාවක් වනුයේ ජූලි මාසයේ දී ඇමරිකා එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 4,857 සිට 7,164 ක් දක්වා 47.5% කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීමයි. එමෙන්ම ඕස්ට්‍රේලියානු සංචාරකයින් ප්‍රමාණය ද 8,801 ක් දක්වා 27.9% කින් පසුගිය ජූලි මාසය තුළ දී ඉහළ ගොස් තිබේ.
සමස්තයක් ලෙස ගත් කල 2018 මුල් මාස 07 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,382,476 කි. මෙය 2017 වසරේ මුල් මාස 07 හි පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වූ 1,215,926 හා සැසඳීමේ දී 13.7% ක ඉහළ යාමකි.
මෙම නවතම තොරතුරු ඇතුළත් සංඛ්‍යා සටහන් කිහිපයක් පහතින් දැක්වේ.
No comments: