වර්ජනය අවසන් කර සාකච්ඡාවලට එන්න - මංගල.


වැඩ වර්ජනය අවසන් කොට ගැටලු සඳහා විසඳුම් ලබාගැනීමට ඉක්මණින් සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස වැඩ වර්ජනයේ යෙදී සිටින සියලු වෘත්තීය සමිති වෙතින් රජය ඉල්ලා සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

ඒසේම මාර්ග අවසරපත් (Route Permit) නොතකා ඕනෑම මාර්ගයක බස් රථ ධාවනය කිරීමට පෞද්ගලික බස් රථවලට ද අවසර දී ඇති බවත් විශේෂ බස් රථ සේවා වෙනුවෙන් දැරීමට සිදු වන වියදම් රජය මගින් ලංගම බස් රථ වෙත ලබාදීමට ද කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.

රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන් ඇතුළු දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කර ඇති බවත් දුම්රිය මගීන්ට තම ප්‍රවේශ පත්‍ර හෝ වාර ප්‍රවේශ පත්‍ර භාවිතා කර ශ්‍රී ලංගම බස් රථවල නොමිලේ ගමන් කිරීමට රජය අවසර ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

පිළිගත් සම්ප්‍රදායයන් නොතකාහැර, කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව හදිසියේම දුම්රිය වැඩ වර්ජනයක් ඇති කිරීම නිසා දැඩි අපහසුතාවයකට පත්ව ඇති දුම්රිය මගීන් සියළු දෙනාටම රජය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා පවසයි.

ඊයේ (අගෝස්තු 07) දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දුම්රිය සේවකයන් ඇතුළු සමස්ත රජයේ සේවකයන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා වැටුප් පිළිබඳ විශේෂ කොමිසමක් පත්කිරීමට තීරණය කළ බවත් ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් ලබන සතියේ එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට තීරණය කර සිටි අවස්ථාවක දුම්රිය මගීන් අපහසුතාවයට පත් කොට එයින් රජය අප්‍රසාදයට ලක් කිරීම සඳහා දුම්රිය සේවකයන් විසින් ගත් ක්‍රියා මාර්ගය රජය දැඩි සේ හෙළා දකින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. 

No comments:

Latest Video

Powered by Blogger.