බැසිල් ඇමරිකාවට : ගෝඨාත් එහේ : ඒකාබද්ධය ගැන කළකිරීමක්?



හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (10) අලුයම 3.15 ට පමණ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඇමරිකාවට ගොස් තිබේ.

ඒ මහතා මෙසේ ඇමරිකාවට ගොස් ඇත්තේ ඩුබායි රාජ්‍ය හරහා බවද පැවසේ.

ඒකාබද්ධ විපක්ෂයේ ඇති මතගැටුම් හා කල්ලිවාදයන් හේතුවෙන් ඔහු මෙසේ ඇමරිකාවට ගොස් ඇති අතර තුන් මසක කාලයකට වැඩි කාලයක් ඔහු එහි සිටිණු ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, හිටපු අමාත්‍යවරයා අධිකරණයෙන් අවසරගෙන ඇත්තේ තුන්මසක කාලයක් සිය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකාවට යාමටය.

ඔහුට ප්‍රතිකාර ලබාගැනීමේ තත්ත්වය මත තුන්මසකට වැඩි කාලයක් ඇමරිකාවේ රැඳී සිටීමට අවසර ලබා ගැනීමේ හැකියාවක් පවතින බවද නීති විශාරදයෝ කියා සිටිති.

මේ අතර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද මේවන විට සිටින්නේ ඇමරිකාවේය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද ඇමරිකානු පුරවැසි ලාභීහු වෙති.

No comments:

Info Sri Lanka TV

Powered by Blogger.