ලංකාවට ඩොලර් මිලියන 480ක ආධාරයක්!




එක්සත් ජනපද රජයට අයත් සහශ්‍ර අභියෝගතා සංස්ථාව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට සූදානම් බව එම සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරි Brock Bierman පවසයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ඊයේ (24) පස්වරුවේ හමුවූ අවස්ථාවේදී සහශ්‍ර අභියෝගතා සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා මේ බව සඳහන් කරයි.

මෙම මුදල් පරිත්‍යාගයට අදාළ කෙටුම්පත දැනටමත් සකස් කර අවසන් අතර, එය ඉදිරි දිනවලදී එක්සත් ජාතීන්ගේ සෙනට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ද Brock Bierman කියා සිටියි.

එම අනුමැතිය ලැබීමෙන් අනතුරුව එළඹෙන දෙසැම්බර් මාසයේ දී අදාළ ගිවිසුම කොළඹ දී අත්සන් තැබීමට හැකි බවද ඔහු සඳහන් කර ඇත.

මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වා දී ඇත්තේ එක්සත් ජනපද රජය දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට ලබාදෙන සංවර්ධන සහය පිළිබඳව තම ස්තූතිය පළ කරන බවයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදෙන මෙම නව සංවර්ධන ආධාරය ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන සේවාවේ සංවර්ධනය මෙන්ම මාර්ග තදබදය අවම කිරීමේ නව ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බව ද පෙන්වා දී ඇත.

No comments:

Ad
Powered by Blogger.