ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව : තුසිර යයි - සාරංග එයි!




ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වැඩ බලන අධ්‍යක්ෂක ජනරාල් ධුරයට සාරංග විජේරත්න මහතා පත්කර තිබේ.

ඒ, එම ධූරය දැරු නීතීඥ තුසිර මැලව්වේතන්ත්‍රී මහතා ඉල්ලා අස්වීම හේතුවෙනි.

රුපවාහිනියට හා ITN ආයතනයට බලධාරීන් දෙදෙනෙක් 

මේ අතර ජාතික රුපවාහිනී සංස්ථාවේ හා ස්වාධින රුපවාහිනී ආයතනයේ සම්බන්ධිකරණ කටයුතු සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයින් දෙදෙනෙකු නම් කර ඇත.

ඒ ජනාධිපතිවරයා සහ රාජ්‍ය මාධ්‍ය ප්‍රධානින් අතර ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ජාවකින් අනතුරුවය.

ඒ අනුව ජාතික රුපවාහිනිය සඳහා රවීන් වික්‍රමරත්න මහතා ද ස්වාධින රුපවාහිනී ආයතනය සඳහා බුද්ධිනී රාමනායක මෙනවිය ද ජනාධිපතිවරයා විසින් නම් කර ඇත.


මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍යා අමාත්‍ය ලසන්ත අලගියවන්න, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ, ජාතික රුපවාහිනී සංස්ථාවේ සභාපතිනි ඉනෝකා සත්‍යංගනී, ස්වාධින රුපවාහිනී ආයතනයේ සභාපතිනි තිලකා ජයසුන්ද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සිද්දි ෆාරුක් ඇතුළු රාජ්‍ය මාධ්‍ය ආයතනවල පුවත් අංශයේ ප්‍රධානින් කිහිප දෙනෙකු ද මෙම රැස්වීමට සහභාගී වී තිබිණ.

No comments:

Latest Video

Powered by Blogger.