Ad

ලංසාගෙන් මීපුරට තවත් ප්‍රහාරයක් [Photos]


මීගමුව මහනගර සභාවේ නගරාධිපති දයාන් ලංසා මහතා සහ ඔහුගේ පිරිසක් විසින් ඊයේ පෙරවරුවේ (19) මීපුර වාර්තාකරු සැම්සන් ඥාානසිරි මහතාගේ කැමරාව ගෙන එහි චිප් පත ගළවා එහි තිබූ ඡායාරූප පෙළක් මකා දමා ඇති බව වාර්තාවේ.

මීගමුව මහනගර සභාව විසින් පෙරියමුල්ල ප්‍රදේශයේ අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමේ සිදුවීමක් පිළිබඳව වාර්තා කිරීම සඳහා එහි ගිය අවස්ථාවේදී මෙය සිදුව ඇති අතර එම සිදුවීමට අදාළ පින්තූර පෙළ මෙසේ මකා දමා ඇත.

මෙම සිදුවීම සිදුව ඇත්තේ මීගමුව පොලිසියද එහි සිටියදී බවද වාර්තාවේ.

රාජපක්ෂ ලංසා හවුල් පාලනය විසින් මීගමුව තුළ ගෙන යමින් තිබෙන අශීලාචාර පාලනයට එරෙහිව මීපුර පුවත් පත සහ වෙබ් අඩවිය දශකයකටත් වැඩි කාලයක් සිය මාධ්‍ය මෙහෙවරේ නියැලී සිටී.

2016 ජුනි 02 වැනිදා ද මීගමුව මහනගර සභාවේ රැස්වීම වාර්තා කිරීමට ගොස් සිටි මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩි ගමගේ මහතා හට එවකට නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා මහතා විසින් මැරයන් යොදවා පහරදී තිබුණි.මේ සම්බන්ධ නඩුවක් දැනටමත් මීගමුව මහේස්ස්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබේ.


අනවසර ඉදිකිරිම් ඉවත් කිරිම සිදුවූ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

ඡායා- දයාන් ලන්සා ෆේස්බුක් පිටුවෙනි






No comments:

Powered by Blogger.