Sex Ed Ad

ජනපති සීෂෙල්ස් යයි : විජයකලා අත්අඩංගුවට.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) අලුයම සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරයක් සඳහා පිටත්ව ගියේය.

ජනපති සමඟ තවත් 18 දෙනෙකු දූත පිරිස ලෙස මෙම සංචාරය සඳහා  එක් වී සිටියහ.

මෙම පිරිස අද (8) අලුයම 2.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 707 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් සීෂෙල්ස් බලා පිටත්ව ගොස් තිබේ.

විජයකලා අත්අඩංගුවට

මේ අතර හිටපු ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද පොලිස් සංවිධානාත්මක අපරාධ මර්දන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 

ඒ පසුගිය දා ඇය විසින් කරන ලදැයි පැවසෙන එල්.ටි.ටි.ඊ හිතවාදී කතාවක් මුල් කොට ප්‍රකාශයක් ලබා දීමට අද එහි පැමිණි අවස්ථාවේදීය.

No comments:

Latest Video

Powered by Blogger.