Ad

SB ගේ නිවසේ මෛත්‍රී - මහින්ද රහස් හමුවක් : සන්ධාන ආණ්ඩුවක ලකුණු.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර රහස් හමුවත් පසුගියදා හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ නිවසේ සිදුව ඇති බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

එම සාකච්ජාවට රාජපක්ෂ පවුලේ සාමාජිකයින් වන බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී ඇති බව එම ආරංචිමාර්ග පවසයි.

පසුගියදා අනවරනයවූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හා රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට එල්ලවී ඇති අනතුර හා එහි තොරතුරු යට ගැසීමට ඇතැමුන් දරන උත්සාහයන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට බඳුන්ව ඇතැයි ද පැවසේ.

එම ඝාතන කුමන්ත්‍රණයට අදාලව මෙතෙක් ප්‍රකාශයට පත්ව නොමැති කරුණු හා තොරතුරු රැසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙහිදී අනාවරණය කර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂය සමග භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට පසුගියදා පැවති සන්ධාන විධායක සභාවේදී සාකච්ඡාවූ අවස්ථාවක සිදුව ඇති මෙම සුහද හමුව දේශපාලනික වශයෙන් විශේෂ වැදගත්කමක් උසුලයි.

මෛත්‍රී ගෙන් 'කොළ' එළියක් 

එක්සත් ජාතික පක්ෂය සමග පවතින ගනුදෙනු අතහැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ආණ්ඩුවක් ඉදිරි මාස කිහිපය තුලදී පිහිටුවීම සම්බන්ධයෙන් පසුගියදා පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවේ අවධානය යොමුව ඇත.

එසේම, ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී යලිත් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් එහිදී සාකච්ජාවට ලක්ව ඇත.

සන්ධානය නියෝජනය කරන ශ්‍රීලනිප නියෝජිතයින් මෙන්ම මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු ද මෙම සාකච්ජාවට එක්ව තිබේ. 

එසේම, ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය සහ ඒ.එල්.එම් අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය ද මෙම විධායක සභා රැස්වීමට සහභාගී වී ඇත.

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 15 කණ්ඩායමේ අනුර ප්‍රියදර්ශන යාපා මහතා හා එස්.බී. දිසානායක යන මහත්වරුන්ද මෙම රැස්වීමට එක්ව තිබේ.

මේ විදියට යන්න බැහැ  :

රටත් ජනතාවත් මුහුණදී සිටින ආර්ථික අර්බුදයට එජාපයට විසඳුමක් නැතැයි මෙහිදී අවධානය කර ඇති සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින්, තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩු කළහොත් ජනාධිපතිවරයාත්, ශ්‍රීලනිපයත් සන්ධානයත් ජනතාවගේ දැඩි පිළිකුලට ලක්වන බවත් දේශපාලනික වශයෙන් නන්නත්තාර වන බවත්  පෙන්වා දී තිබේ.

මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා ඇත්තේ ආණ්ඩුව තුල ඉන්නේ තනතුරු හෝ වරප්‍රසාද නිසා නොවන බවයි. ''ආණ්ඩුවෙන් ගිහින් මොකද කරන්නේ'' ඇමතිවරයා විමසා ඇත. 

මෙහිදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සන්ධානය ඉදිරියේදී ගතයුතු පියවර හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දෙසතියක් තුල වාර්තාවක් ලබාදෙන ලෙස සන්ධාන නියෝජිතයින්ට දැනුම් දී ඇත.

වාසුගේ පණිවුඩය දයාසිරි අතේ ජනපතිට

මේ අතර රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව වෙනස් කිරීම සඳහා නායකත්වය ගන්නා ලෙස ඉල්ලා සිටීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුනගැසෙන්නට වෙලාවක් වෙන් කරවා දෙන ලෙස තමා දයාසිරි මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටි බව වාසුදේව නානායක්කාර මහතා 'අනිද්දා' පුවත්පතට පවසා ඇත.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහසභා රැස්වීම සඳහා පිටත් වීමට පෙර ද තමා ජනාධිපතිවරයා මුණ ගැසෙන්නට වෙලාවක් ඉල්ලා සිටි බවත්, එහෙත් වෙලාවක් වෙන් කර නොදුන් බවත් ඔහු කියයි. 

ඉදිරි මැතිවරණය තෙක් බලා සිටිය නොහැකි තරම් රටේ ආර්ථිකය කඩා වැටී ඇති නිසා වහාම ආණ්ඩුව අවසන් කළ යුතු යැයි තමා ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකත්වය දරණ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී පෙන්වා දුන් බවත්, එම යෝජනාවට එම රැස්වීමට සහභාගිවී සිටි කිසිවෙකු විරුද්ධ නොවූ බවත් වාසුදේව නානායක්කාර මහතා කියා සිටියි.

අයවැයෙදී ආණ්ඩුව පරාජය කිරීමට :

වත්මන් ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් ලෙස පවත්වාගෙන යෑම සඳහා වසර දෙකක අවබෝධතා ගිවිසුමක් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇති කරගෙන තිබුණු බවත්, එම ගිවිසුමෙහි කාලය 2015 සිට 2017 දක්වා පමණක් වූ බවත්, ගීවිසුමෙහි කාලය අවසන්ව ඇති නිසා නව අගමැතිවරයකු යටතේ ආණ්ඩුවක් පත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට ඇති බවත් නානායක්කාර මහතා පෙන්වා දෙයි.


එසේ නොමැති නම් නොවැම්බ්ර් මාසයේ පැවැත්වීමට නියමිත අයවැය ඡන්ද විවසීමේදී වත්මන් ආණ්ඩුව පරාජය කිරීම සඳහා ජනාධිපතිවරයාට නායකත්වය ගත හැකි බව ද ඔහු කියා සිටියි. 

No comments:

Powered by Blogger.