Ad

මහින්ද සිය ඉලක්කය හෙළිකරයි : අධිකරණයට බලපෑමක්?


රටේ වත්මන් අර්බුදය නිමා කිරීමට ඇති එකම විසඳුම වහාම මහ මැතිවරණයකට යාම බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අර්බුදයට ප්‍රධානතම හේතුව වන්නේ කථානායකතුමාගේ අත්තනෝමතික පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය බැවින් වහාම මහ මැතිවරණයකට ගොස් ජනමතයට ගරු කරන ස්ථාවර පාර්ලිමේන්තුවක් පත් කර ගනිමු යැයි මහින්ද රාජපක්ෂ මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් පවසා ඇත.

හැකි තරම් ඉක්‌මණින් පාර්ලිමේන්තු මැතිවරණයක්‌ කැඳවා රට ඇද වැටී ඇති ප්‍රපාතයෙන් මුදා ගන්නා නව වැඩපිළිවෙළකට, ජනතාවට තම අභිමතය පරිදි අනුමැතිය ලබාදීමට ඉඩ සැලසීම තමා සමඟ සිටින දේශපාලන පක්‌ෂ නායකයන්ගේත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේත් ඒකායන අභිප්‍රාය වන බව ජනාධිපතිවරයා විසින් පත් කල අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයේ වැඩභාරගත් මොහොතේ ද නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේය.

මැතිසබය කඩාකප්පල් කිරීමේ හේතුව?

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එජාප මන්ත්‍රීවරයකු පැවසුයේ, මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ ඔහුගේ ගොලබල මන්ත්‍රීවරුන් මේදිනවල පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කඩාකප්පල් කරමින් සිටින්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනමතයක් ගොඩනැගීමට බවයි.

එසේම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවන නඩුවේ තීන්දුවට බලපෑම් කිරීමද මෙම විරෝධතවයන්ගේ ඉලක්කය බව එම මන්ත්‍රීවරයා කියා සිටියේය.

මහ මැතිවරණයක් ගැන රනිල් කියපු කතාව :

මේ අතර ඊයේ (16) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් බලයෙන් පහකරන ලද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුයේ, ශ්‍රී ලංකාවේ අනෙක් දේශපාලන පක්ෂ ද සමග සාකච්ඡා කොට ලබන වසරේ ජුනි මාසයට ප්‍රථම මහ මැතිවරණයක් කැඳවීමට ක්‍රියාකරන බවයි.

මහ මැතිවරණයක් කැඳවීම ගැන වැඩිදුරටත් කරුණු විස්තර කළ බලයෙන් පහ කෙරුණු අගමැතිවරයා, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ සමග මුලින්ම සාකච්ඡා කරන බවත් සඳහන් කළේය.

ඉන්පසුව ලබන ජුනි මාසයට ප්‍රථම මහා මැතිවරණයක් කැඳවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගැනීම ඔහුගේ අදහස වී තිබේ.

ආර්ථිකය යළිත් යථා තත්වයට ගැනීම පිණිස සිය ආණ්ඩුවට මාස කීපයක කාලයක් අවශ්‍ය බව සඳහන් කළ ඔහු, ඉන් අනතුරුව ජනතාව හමුවට යාම සිය අභිලාෂය බවත් කියා සිටියේය.

ජනාධිපතිවරණයක් කැඳවන්න :

මේ අතර හැකිනම් වහාම ජනාධිපතිවරණයක් කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අභියෝග කර සිටියි.

පසුගිය 15දා කොළඹ ලිප්ටන් වටරවුමේ පැවති උද්ඝෝෂණයට එක්වී ජනතාව අමතමින් ජාතික හෙළ උරුමයේ මහ ලේකම්වරයා එම අභියෝගය කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙසත්, ඔහුගේ අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාත් එක්ව ඉදිරිපත් වුවද 2015 වසරේදී එක්වූ සියළු බලවේග එක්වී ඔවුන් දෙදෙනාම එකට තබා පරාජය කර බව ඔහු එහිදී සඳහන් කළේය.

රට තුළ ඇති වි තිබෙන දේශපාලන අර්බුදය විසදිම සදහා හැකි ඉක්මණින් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ද කියා සිටියි.

1 comment :

  1. The need of the hour is not an election ; retoration of democracy and economic stability.
    We the people of the country don't need an election. Only the politicians need it.

    ReplyDelete

Powered by Blogger.