Ad

113 පෙන්වන්න - මෛත්‍රී : රාජපක්ෂලා නැවතත් මන්ත්‍රී වෙන්දේසියේ.


පැය 24ක් තුළ පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා අවශ්‍ය 113 න සකසාගෙන තමන්ට දැනුම්දෙන ලෙස කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්දට දන්වා  සිරිසේන ජනාධිපති පොළොන්නරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ඊයේ (16) කුමන්ත්‍රණ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේ ජනාධිපති සිරිසේන මේ බව පවසා ඇති බවය.

පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ අනෙත් සියළු පක්ෂ එක පෙරමුණක් ලෙස සිටීම හමුවේ තමන් දැඩි පීඩනයක් යටතේ පවතින තත්ත්වයට මුහුණදී ඇති බවත් දිගින් දිගටම එක්සත් ජාතික පෙරමුණේ බහුතරය දැක්වීම ප්‍රතික්ෂේප කිරීම දුෂ්කර කටයුත්තක් බවද ජනාධිපති සිරිසේන එහිදී සඳහන් කර ඇත.

ඒ අනුව නැවත වරක් පාර්ලිමේන්තුවේ  බහුතරය ලබා ගැනීම වෙනුවෙන් රාජපක්ෂ පාර්ශවය මන්ත්‍රීවරුන් වෙත ලංසු තබමින් සිටින බවත් දැනගන්නට ඇත.

ඊයේ (16) රාත්‍රියේ සිට එම මන්ත්‍රී වෙන්දේසිය ආරම්භ කර ඇති අතර මේ වන විටත් ඒ වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට මිල ගණන් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙයි. එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ මේ වන විට මන්ත්‍රීවරුන්ට පිල් මාරු කිරීම වෙනුවෙන් වන අල්ලස් මුදල් දෙගුණ කර ඇති බවය.

මේ අතර යෝෂිත රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පාර්ශවයේ කිහිපදෙනෙකු  අද (17) උදෑසන සිට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබාදී පිල් මාරු කිරීමට එකඟ කරගැනීමේ නින්දිත උත්සාහයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

එසේම ඇමරිකානු ඩොලර් මිලියන 3ක පමණ ලංසු ඉදිරිපත් කරමින් ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරන අතර ඒ සම්බන්ධව ට්වීටර් සටහනක්ද තබා ඇත. එහි වන විශේෂත්වය වන්නේ අදාළ ට්වීටර් පණිවිඩය විදෙස් තානාපතිවරුන් කිහිප දෙනෙකුගේම අවධානයට යොමුකර තිබීමය.
මේ මංගල සමරවීර මන්ත්‍රීවරයා තබා ඇති ට්වීටර් සටහනය.

එසේම මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා ද අද දිනයේ පිල්මාරු කිරීම සඳහා විවිධ මිල ගණන් ඉදිරිපත් කරමින් රාජපක්ෂ පාර්ශවය වෙතින් ඇමතුම් ලබාදෙමින් ඇති බවත් දැනගන්නට ඇත. ඒ සම්බන්ධව අප කල විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කර සිටියේ තම සන්ධානය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහි අරගලය කිසිසේත් නවත්වා නැති බවය.

No comments:

Powered by Blogger.