Ad

විදේශිය බලපෑම් එල්ල වීමේ අනතුරක්!


රට තුළ පවතින දේශපාලනික අස්ථාවරත්වය හමුවේ විදේශිය බලපෑම් එල්ල විය හැකි බවත් එය ඉදිරියෙදි භයානක ප්‍රථිපල ඇතිකරනු ඇති බවත් දෙමල ජාතික සන්ධානය පවසයි.

දෙමළ ජාතික සන්ධානය සහ මෙරට සිටින මහකොමසාරිස්වරුන් මෙන්ම තානාපතිවරුන් අතර හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදි ඊයේ (20) පැවැති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා එබව සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, නෝර්වේ, ස්විට්සර්ලන්තය ඇතුලූ රටවල් 15ක් නියෝජනය කරන බටහිර රටවල තානාපතිවරුන් සහ එහි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් එක්ව සිට ඇති බව සඳහන් වේ.

එමෙන්ම ඒ සඳහා යුරෝපා සංගමය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන මෙරට නියෝජිතයින්ද එක්ව සිටි බව වාර්තා වේ.

මෙහිදී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් දැනුම්වත් කිරීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගෙන තිබෙන අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්දිරන් සහ සෙල්වම් අඩෙක්කලනාදන් යන මහත්වරුන් ඇතුලූ පිරිසක් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මාධ්‍ය සාකච්ඡාවට එක් විය.


No comments:

Powered by Blogger.