Ad

බැසිල් පිටුපායි : මෛත්‍රී සිහින අතහරී?


මෛත්‍රීපාල සිරිසේන මහතා දෙවන ධුර කාලයක් සඳහා ජනාධිපති තරඟයට නොපැමිණෙන බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසා සිටී.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සමඟ ඔක්තෝබර් 26 වෙනිදා වනවිට එකඟතාවයකට පැමිණ තිබුණද මේ වන විට ඔහුට විරුද්ධව රට තුල ගොඩනැගී තිබෙන විරෝධය සහ ජනතාව අතර ඔහුගේ ජනප්‍රියතාව ශීඝ්‍රයෙන් පහළ බහින තත්ත්වය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නොනිල නායකයා වන බැසිල් රාජපක්ෂ මහතාගේ අදහස වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා දෙවැනි ධුර කාලයකට තරග කිරීම තේරුමක් නැති බවය.

මේ අතර 16 කණ්ඩායමේ සිටි හිටපු ප්‍රබල අමාත්‍යවරයකු ප්‍රකාශ කළේ සිය උපරිම කාලය ජනපතිධුරයේ කටයුතුකර නික්මයෑම ජනාධිපති සිරිසේන මහතාගේ වර්තමාන අදහස වී ඇති බවය.

එනිසා ඔහු ඉක්මන් ජනාධිපතිවරණයකට නොයනු ඇති බව ප්‍රකාශකල ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයකින් පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම සඳහා උපරිම උත්සාහය ගනු ඇතැයිද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(අනිද්දා)

No comments:

Powered by Blogger.