ශ්‍රීලනිපය පස්සට :එජාපය එකඟ නම් භාරකාර ආණ්ඩුවකට අපි සූදානම් : ලක්ෂ්මන් යාපා කියයි.


එක්සත් ජාතික පක්ෂය එකඟවන්නේ නම් සියලු පක්ෂ එකතු කර භාරකාර ආණ්ඩුවක් සෑදීමට වුව සුදානම් බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා පවසනවා.

 භාරකාර ආණ්ඩුවක් සාදා පසුව මැතිවරණයකට යා හැකි බවයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරන්නේ.

මහින්ද රාජපක්ෂ පාර්ශවය ආණ්ඩු බලයේ සිටියදී මැතිවරණයකට යාමේ අකමැත්තක් ඇත්නම් භාරකාර ආණ්ඩුවක් යටතේ මැතිවරණයකට යා හැකි බව හෙතෙම ප්‍රකාශකරයි.

ඒ අනුව භාරකාර ආණ්ඩුවක් සෑදීම සඳහා කිසිදු කොන්දේසියක් නොමැති අතර රටම පිළිගන්නා තැනැත්තෙකු අගමැති තනතුරේ තබා ආණ්ඩුවක් සදා වුව මැතිවරණයකට යා හැකි බවයි ඔහු අවධාරණය කරන්නේ.

කෙසේ හෝ රට මේ පවත්නා තත්ත්වයෙන් මුදාගත යුතු බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

No comments:

Ad
Powered by Blogger.