ශ්‍රීලනිපය රැක ගැනීමේ සටන: අද ඇරඹේ.


'පොහොට්ටු' පක්ෂය සන්ධානගතවී හරහා දියවී යමින් පවතින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගැනීමේ අරමුණ ඇතිව එම පක්ෂයේ ක්‍රියාකාරිකයන් පිරිසක් විසින් අද (නොවැ 25) ඉරිදා සවස 2 ට කොළඹ මහජන පුස්තකාල ශාලාවේ විශේෂ සමුළුවක් කැඳවා ඇත.

රටපුරා විසිර සිටින ශ්‍රීලනිප සංවිධායකයින්ට මේ සඳහා ආරාධනය කර තිබේ.

දිවයිනේ සිටින ශ්‍රීලනිපයේ ප්‍රබල දේශපාලන චරිත රැසක්ද මෙම සාමාජික පාක්ෂික හමුවට සහභාගී වන බවට සහතික වී ඇතැයි සංවිධායකයෝ පවසති.

මෙම සමුළුව අවලංගු කරවීමට පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනෙකුම උත්සහ කල බව එම සංවිධායකයින් පැවසිය.





No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.