Ad

සිරිසේන : විදෙස් මාධ්‍යවේදීන් හමුව ගැන එළියට නොදැමූ ඇත්ත මෙන්න [Video]


ජනාධිපති සිරිසේන විදෙස් මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාව සම්බන්ධව සිරිසේන ජනාධිපතිගේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කර ඇති නමුත් එහි විදෙස් මාධ්‍ය ආයතන නියෝජනය කළ මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් විමසූ කරුණු සම්බන්ධ කිසිවක් එහි සඳහන් නොවේ.

එබැවින් ජනාධිපති සමඟ අද පැවති විදෙස් මාධ්‍යවේදීන්ගේ හමුවට සහභාගීවූ මාධ්‍යසගයන් අමතා මේ පිළිබඳ විමසූ අතර එහිදී ඔවුන් තම පාර්ශවයෙන් ඉදිරිපත්වූ ප්‍රධාන කරුණු දෙකක් සම්බන්ධව අප හමුවේ අනාවරණය කර සිටියේය.

ජනාධිපතිට වඩා බලයක් අගමැති රනිල්ට තිබුණාද ?

එයින් පළමුවැන්න වන්නේ යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ශවය 2015 ආණ්ඩුව පිහිටුවා මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ ඉතාම දුෂිත ගනුදෙනු රැසක් ආරම්භ කළ බවත් තමන් ඔහුව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කරන අවස්ථාව වන විට දුෂණය ඉවහාගොස් පැවති බවට ජනාධිපති සිරිසේන සිදුකල ප්‍රකාශය සම්බන්ධවය.

එහිදී විදෙස් මාධ්‍යවේදියකු විමසා ඇත්තේ එවකට අගමැති රනිල් ඇතුළු අමාත්‍ය මණ්ඩලය එතරම් දුෂිත ආකාරයට කටයුතු කළා නම් එය පාලනය කිරීමට බලයක් ජනාධිපති ලෙස සිරිසේනට නොතිබුණාද යන්නය. එහිදී ජනාධිපතිට වඩා බලයක් අගමැතිට තිබේද ? අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් සිදුකළ දුෂණ නැවත්වීමට තරම් හැකියාවක් ජනාධිපතිට නැතිද ? කියාය.

එහෙත් ඒ ප්‍රශ්නයට ජනාශිපති සිරිසේනට පිළිතුරු දීමට නොහැකිව ඇති අතර ඒ ගැන කිසිඳු සඳහනක් නොකර සිරිසේන ජනාධිපති පවසා ඇත්තේ 2015-2018 සමයේ සිදුවූ දුෂණ සම්බන්ධව තමන් ජනාධිපති කොමිසමක් පත්කරන බවය.

මහින්දගේ දුෂණ සම්බන්ධව එල්ලකළ චෝදනා අදටත් වලංගුද ?

මෙහිදී විදෙස් මාධ්‍යවේදීන් විමසා ඇති තවත් කරුණක් වන්නේ හිටපු අගමැති රනිල් වෙනුවට පත්කළ නව අගමැති මහින්ද සම්බන්ධව, විශේෂයෙන් පවුල් පාලනය තුළ සිදුකල දුෂණ සම්බන්ධව සිරිසේන ජනාධිපති විසින්ම පසුගිය කාලය පුරා එල්ල කළ විවේචන අදටත් වලංගුද කියාය.

එහෙත් ජනාධිපති සිරිසේන එම ප්‍රශ්නයටද නිරුත්තරව ඇත. 

කෙසේ වුවත් එහිදී ගෙවුණු වසර තුනක කාලය තුළ තමන් ගතකළේ දුෂ්කර කාලයක් බවත් රට ගැන සිතා තමන් මේ තීන්දුව ගනු ලැබූ බවත් ජනාධිපති සිරිසේන පවසා ඇති බවද එම විදෙස් මාධ්‍යවේදීන් සඳහන් කරයි.

එසේම තමන් මේ බව එක්සත් ජාතික පෙරමුණට පවසා ඇති බවත් සඳහන් කර ඇති සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන්කර ඇත්තේ අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම යන සියල්ල තමා විසින් සිදු කරන ලද්දේ නීත්‍යානුකූලව බවද සිරිසේන ජනාධිපති පවසා ඇති බවද ඔවුන් තහවුරු කරයි.

මාධ්‍ය වෙත විශේෂ දැනුම්දීමක් !

මේ ආකාරයට සිය ක්‍රියාව සම්බන්ධව විදෙස් මාධ්‍යවේදීන් පැහැදීමකින් නොසිටින බව තහවුරුවීමත් සමඟ සිරිසේන ජනාධිපතිගේ මාධ්‍ය ප්‍රධානීන් රාජ්‍ය මාධ්‍ය වෙත දන්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය විදෙස් මාධ්‍ය හිස්මුදුනින් පිළිගෙන ඇති ආකාරය දක්වන ලෙස මාධ්‍ය වාර්තා පලකරන ලෙසය. 

එහිදී අදාළ පුවත වාර්තා කර ඇති විදෙස් මාධ්‍ය විශේෂයෙන් දක්වා ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයට අනුව පිටපත සකසන ලෙස දන්වා ඇති බවද වාර්තා වෙයි.

[newstube.lk]

No comments:

Powered by Blogger.