Ad

'පළමුවරට ජනපතිවරයෙක් තමන්ගේ දූෂණ හොයන්න යනවා' - මංගල.


ජනපතිවරයෙක් තමන්ගේ දූෂණ ගැන සෙවීමට සඳහා පළමුවරට කොමිසමක් පත්කිරීමට යන බවත් ඒ අනුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතවරක් ඉතිහාස ගතවන බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මහ බැංකු මහා මංකොල්ලය සේම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ කටයුතු කළ කාලය තුළ එනම් 2015 සිට 2018 ඔක්තෝබර් 25 වනදා දක්වා කාලය තුළ ආණ්ඩුවේ සිදුවූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබද සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බවත් ඒ තුළින් ඔවුන්ගේ තවත් වංචා, දූෂණ සහ අක්‍රමිකතා රැසක් රටට සහ ජනතාවට අනාවරණය වනු ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් මාධ්‍යෙව්දීන් හමුවේ ඊයේ (25) සිදු කළ ප්‍රකාශයට සිය ට්විටර් ගිණුම හරහා ප්‍රතිචාර දක්වමින් මංගල සමරවීර මහතා මේ බව ප්‍රකාශ කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වගන්තිය අනුව කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ ජනපතිවරයා බවත් එය සාමූහික වගකීම යටතේ ක්‍රියාත්මක බවත් ඔහු පෙන්වා දෙයි.

No comments:

Powered by Blogger.