Ad

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ ඉරණම හෙට : පොහොට්ටුවට ගිය ලක්ෂ්මන් යාපාට සොයිසාගෙන් කනේ පහරක්!


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (26) කැඳවා ඇත. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම රැස්වීමේදී වත්මන් දේශපාලන තත්වය පිළිබඳවත් පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු සහ පුරප්පාඩු සහිත ආසන සංවිධායක ධූරයන් පිළිබඳත් අවධානය යොමු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

හෙට පැවැත්වීමට නියමිත මධ්‍යම කාරක සභාව කැඳවා ඇති අරමුණ පිළිබඳව 'ශ්‍රී ලංකා මිරර්' ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකුගෙන් කල විමසීමේදී ඔහු පැවසුයේ, පසුගියදා ශ්‍රීලනිපයෙන් ඉවත්වී පොහොට්ටු පක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර මෙහිදී තීරණය කරනු ඇති බවයි.

'පොහොට්ටු' පක්ෂය සමග සන්ධානගත වීම තුල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් මුහුණ දී ඇති අනෙක විද දුෂ්කරතාවයන් පිළිබඳව හෙට පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී කරුණු දක්වන බව ඔහු වැඩිදුරටත් පැවසිය.

ලක්ෂ්මන් යාපාට සොයිසාගෙන් කනේ පහරක්

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට පක්‍ෂය ගන්නා තීරණ ගැන ප්‍රකාශ කළ හැක්කේ අගමැති මහින්ද රාජපක්‍ෂ, ජනපති මෛත්‍රීපාල සිරිසේන, එහි සභාපතිවරුන් වන ජී.ඇල් පීරීස් හෝ බැසිල් යන මහත්වරුන්ට මිස ඒපැත්තෙන් ඇවිත් දින දහතුනකට පෙර සාමාජිකත්වය ගත් ලක්‍ෂමන් යාපාට නොවන බව රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රංජිත් සොයිසා මහතා අද (25) පැවසීය.

ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු එබව කියා සිටියේය.


''ළඟදි පක්ෂයට එකතු වෙච්ච සමහර මන්ත්‍රීවරු කරන ප්‍රකාශවල වගකීම පෞද්ගලිකව ම ඒ අය දරාගත යුතු මිසක්, මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හෝ අප එහි වගකීම බාරගන්නේ නෑ.'' යයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

මේ අතර අද පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් දැක්වූ අදහස් පහතින්,

No comments:

Powered by Blogger.