Ad

බහුතරය නැතිනම් වහාම ඉල්ලා අස්වෙන්න : නැතිනම් වෙනදේ බලාගන්න - ශ්‍රීලනිප මන්ත්‍රී 15ක්.


පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමට නොහැකිව ඇති බැවින් තවදුරටත් ධූරයේ රැඳීනොසිට වහාම ඉල්ලා අස්වන ලෙස කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගේ කණ්ඩායමක් පවසා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට කොළඹ විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී අද (28)  මෙම හමුව සිදුව ඇති අතර එහිදී ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම පෙන්වාදී ඇත්තේ රට තුළ මේ වන විට මතුව ඇති දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික කඩාවැටීම පාලනය කරගැනීමට නම් මේ වන විටත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වාදීමට නොහැකිව සිටින  පළමුව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීම අත්‍යාවශ්‍යව ඇති බවයි.

එසේම පාර්ලිමේන්තු බහුතරය නොමැතිව පාර්ලිමේන්තුවද රැස්කරගත නොහැකිවීතවදුරටත් බලහත්කාරයෙන් රැඳීසිටීම හමුවේ ජනාධිපතිවරයාව අනවශ්‍ය ආකාරයට අපකීර්තියට පත්වන බවත් එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අර්බුදයට පත්වන පසුබිමක් නිර්මානයවී ඇති බවත්  එම තත්ත්වය තමන්ට තවත් ඉවසීමට නොහැකි බවද ඔවුන් පවසා ඇත. එසේම මහින්ද මහතා අගමැති ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතුය යන්න ශ්‍රීලනිප නිල තීන්දුව ලෙස භාරගත්තාද වරදක් නැති බවද ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම රාජපක්ෂ මහතා වෙත දන්වා ඇති බවත් දැනගන්නට ඇත.

ඒ අනුව ඔවුන් කුමන්ත්‍රණ අගමැතිට අවධාරණය කර ඇත්තේ තවදුරටත් ධූරයේ රැඳීසිටීමට අදහස් කරන්නේ නම් තමන් හෙට (29) දිනය තුළ පාර්ලිමේන්තුවේ දේශපාලන තීන්දුවක් ගන්නා බවය. 

මට ඉල්ලා අස්වෙන්න පුළුවන් ඒත් ගෙදර ප්‍රශ්න - මහින්ද 

මෙහිදී මහින්ද රාජපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට පවසා ඇත්තේ තමන් ඉල්ලා අස්වීමට ඕනෑම මොහොතක සූදානම් නමුත් පවුලේ උදවිය ඊට එකඟකර ගැනීමට අපහසු බවයි. තම බිරිඳ ඇතුළු දරුවන්ට මෙන්ම සහෝදරයන්ට තිබෙන නඩු කටයුතු වලට ඉල්ලා අස්වීම අභියෝගයක් වියහැකි බැවින් තම පාර්ශවය ගැනත් මානුෂිකව බලන ලෙසද මහින්ද රාජපක්ෂ පවසා ඇතැයි වාර්තා වෙයි.

කෙසේ නමුත් මේ සම්බන්ධව ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම පවසා ඇත්තේ ජනාධිපතිවරයාට සිදුවන හානිය කිසිවෙකුත් නොසළකන බවත් මෙතෙක් ඔහුව ආරක්ෂා අරගෙන සිටි මන්ත්‍රී කණ්ඩායම වශයෙන් මේ මොහොතේ මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීම අත්‍යාවශ්‍ය බවය.

එහෙත් ඊට ප්‍රතිචාර දක්වමින් මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ තමන් දෙසැම්බර් 07 වනදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තෙක් ඉල්ලා අස්වීමේ සූදානමක් නොමැති බවත් ගනු ලබන ඕනෑම තීන්දුවක් දෙසැම්බර් 07 දිනට පසුව ගන්නා බවයි.

එසේම දෙසැම්බර් 7 තම පාර්ශවයට වාසි සහගත තීන්දුවක් ලැබුණහොත් පාර්ලිමේන්තුව විසිරෙන බැවින් මහ මැතිවරණයකට යාමට අවස්ථාව ඇති බැවින් එය තම පාර්ශවයට වාසිදායක වන බවත් එසේ නොමැතිව ශ්‍රේෂ්ඨාධිකරණ  තීන්දුව අවාසි සහගත ලෙස ලැබුණහොත් ඉතිරි කාලය ආණ්ඩුව කරගෙනයාම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුවට දිනා ගැනීමට තමන් උත්සාහ කරන බවය.

තවද ජනාධිපති සිරිසේන අපහසුවට පත්වීම හෝ අපකීර්තියට පත්වීම තමන්ගේ ප්‍රශ්නයක් නොවන බවත් එම තත්ත්වය ඇතිවීමට ජනාධිපතිද වගකිව යුතු බවත් මහින්ද රාජපක්ෂ පවසා ඇතැයිද වාර්තා වෙයි.

No comments:

Powered by Blogger.