Ad

මහින්දට හෙළිකොප්ටර් දෙන ගුවන් හමුදාවට වැඩ වරදින ලකුණු!


වත්මන් ආණ්ඩුව සහ නව අගමැතිවරයා විසින් අභ්‍යන්තර ගමන් සඳහා හෙළිකොප්ටර් භාවිතා කිරීම ඉහළ ගොස් ඇති බවට ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් පසුගියදා කතානායකවරයා කල ප්‍රකාශය සමඟ වර්තමාන ආණ්ඩුව නීතියානුකූල එකක් නොවන බවට පත්විම හේතුවෙන් මෙම ගුවන් ගමන් සඳහා හෙළිකොප්ටර් ලබා දීමට එරෙහිව නීතියානූකූලව පියවර ගැනීමට සුදානම් වන බවට වාර්තා වේ.

එසේම ඊයේ නව ආණ්ඩුවට සහය පළකිරීම සඳහා පාර්ලිමේන්තු වටරවුමේ සංවිධානය කර තිබෙන රැළිය සඳහා සෙනග ඇදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සතු බස් රථ නොමිලේ ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

දේශපාලන කටයුතු වෙනුවෙන් රාජපක්ෂ පාලන සමය පුරා මේ ආකාරයට ගමනා ගමන මණ්ඩලය සතු බස්රථ යොදාගැනීම හේතුවෙන් ඒ සමයේ ලංගමය පාඩු ලබන තත්ත්වයට පත්ව තිබිණ.

එහෙත් යහපාලන සමයේ එම ප්‍රතිපත්තිය වෙනස් කළ අතර කිසියම් දේශපාලන කටයුත්තක් සඳහා බස් රථ ගැනීමේදී ඊට නියමිත ගාස්තු ගෙවීම අනිවාර්ය කර තිබිණ.

කෙසේ වුවත් දිවයින පුරා පිහිටි ගමනා ගමන මණ්ඩල ඩිපෝ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පැමිණ බස්රථ ඉවතට ගෙන ගිය බවත් ඒ වෙනුවෙන් කිසිඳු ගෙවීමක් තබා බස්රථ නිකුත් කිරීමට අදාළ සටහන් පවා හරිහැටි තැබීමට අවස්ථාවක් නොලැබුණ බවය.

No comments:

Powered by Blogger.