අමරවීර, ඩිලාන්ට අතින්-පයින් පහරදෙයි : දුමින්දගේ තීරණයට බලපෑම්!


අද උදෑසන බොරැල්ලේදී පැවති දේශපාලන සාකච්ජාවක් අතරතුරදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඩිලාන් පෙරේරාට සහ තිලංග සුමතිපාලට පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ. 

ඊයේ දිනයේදී හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ බැසිල් රාජපක්ෂ හමුවී ඉදිරියටත් පක්ෂය සමඟ රැදෙමින් දේශපාලනය සිදුකරන බවට ප්‍රකාශ කල අතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම  මත කිසිදු දේශපාලනික වෙනස්කමකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ කටයුතු කිරීමට තීරණය කොට තිබේ. 

එම තීරණය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කිරීමට අද බොරැල්ලේදී පැවති රැස්වීමකදී ඩිලන් පෙරේරා සහ තිලංග සුමතිපාල යන මන්ත්‍රීවරුන් "අපිට දුමින්ද ඕන නෑ.. දුමින්ද නැතුව උනත් අපි මේක කරනවා" යනුවෙන් ප්‍රකාශ කර ඇති අතර ඔවුන්ගේ එම ප්‍රකාශයට මහින්ද අමරවීර මහතා දැඩි ලෙස කිපී තිබේ. 

දෙපාර්ශවය අතර එක්වරම හටගත් වාග් සංග්‍රාමය  ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර එහිදී මහින්ද අමරවීර මහතාගේ ප්‍රහාරයකින් ඩ් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාගේ කම්මුල ඉදිමී ඇතැයිද වාර්තා වනවා. 

මෙම සිදුවීම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට සැලවීමත් සමඟ ඒ මහතා අද සවස ජනාධිපති කාර්‍යාලයේදී සිදුකිරීමට නියමිතව සිටි දිවුරුම් දීම පවා ප්‍රතික්ෂේප කර ඇති අතර මෙවැනි පිරිසක් සමඟ ආණ්ඩුවක් තුල සිටීමට නොහැකි බවද ප්‍රකාශ කර තිබේ. 

මේ අතර දුමින්ද දිසානායක මහතාගේ පියාණන් වන බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ මරණයට සාධාරණයක් ඉටුකරමින් මෙම ආණ්ඩු පෙරළියට සම්බන්ධ නොවන ලෙසට පවුලේ සමීපතමයන් කල සංවේදී ඉල්ලීමද දුමින්ද ආණ්ඩුව සමඟ එක් නොවීමට ගත් තීරණයට බලපා ඇතැයි වාර්තා වේ.


No comments:

Ad
Powered by Blogger.