Ad

බලයේ රැදීමට මහින්ද බටහිර තානාපති සහය ඉල්ලලා?


මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස තවදුරටත් බලයේ රැඳී සිටීමට බටහිර සහ යුරෝපීය රටවල අනුග්‍රහය ලබා ගැනීමේ උත්සාහයක නිරත වී ඇති බව ලංකා පුවත්පත වාර්තා කර තිබේ.

ඒ අනුව රාජපක්ෂ මහතා වෙනුවෙන් සුසිල් ප්‍රේමජයන්ත, දිනේෂ් ගුණවර්ධන, මහින්ද සමරසිංහ හා තරිඳු බාලසූරිය යන මහත්වරුන් පසුගිය සති අන්තයේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවකට ගොස් ඇතැයිද එහි දැක්වේ.

තරිඳු බාලසූරිය නැමැත්තා සහභාගිවී ඇත්තේ විශේෂ නියෝජිතයකු ලෙස බවද පැවසේ.

මේ සාකච්ඡාව සඳහා ජපානය, ජර්මනිය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය, ‍ බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව ඇතුළු මෙරට සිටින බටහිර ප්‍රධාන රටවල් නියෝජනය කරනු ලබන තානාපතිවරු එක්ව ඇති බව ද එම පුවත්පත වාර්තා කර තිබේ.

යුරෝපා සංගමය නියෝජනය කරමින් විශේෂ නියෝජිතයන් දෙදෙනෙකු එක්ව ඇතැයි ද එහි දැක්වේ.

මේ හමුව සිදුව ඇත්තේ මෙරට සිටින කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් (David McKinnon) මහතාගේ ටොරින්ටන් පටුමගේ පිහිටි නිල නිවසේ දී බවද වාර්තා වන අතර එය රහස් සාකච්ඡාවක් බවද කියවේ.

අදාළ සාකච්ඡාව රාජපක්ෂ මහතා අගමැති වීමෙන් පසුව ඔහුව අගමැතිවරයා ලෙස පිළිගැනීමට කිසිදු බටහිර රටක් සූදානම් නොවී මේ තත්ත්වය මඟ හරවා ගැනීමට බවද පැවසේ.

මහින්ද පාර්ශවයෙන් ඔහුගේ කිට්ටුවන්තයකුට අවස්ථාව නොදී දිනේෂ් ගුණවර්ධන මහතා ඒ වෙනුවෙන් යොදා ගැනීම සම්බන්ධයෙන් ද එම පුවත්පත විමතිය පළ කර ඇත.

No comments:

Powered by Blogger.