Ad

ඉදිරි මැතිවරණ සියල්ල "පොහොට්ටුව" යටතේ පමණයි : මෛත්‍රීගේ 'අත' ගැලවේ.

ඉදිරියේ කවර මැතිවරණයක් පැවැත්වුණද ඒ ඕනෑම මැතිවරණයක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් පමණක් තරග වදින්න තීරණය කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් පවසයි.

පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේ එම පක්ෂ මුලස්ථානයේ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. 

කුඩා කිසිඳු පක්ෂයක නමක් හෝ ලකුණක් යටතේ තම පක්ෂය මැතිවරණ සඳහා ඉදිරිපත් නොවන බවත් සඳහන් කරන ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ජනතාව පක්ෂය සම්බන්ධව තබා ඇති විශ්වාසය කඩකිරීමට නොහැකි බවය.

එසේම පසුගිය පළාත් පාලන මැතිවරණයේදී 9 %ක්  තරම් කුඩා ජන්ද ප්‍රතිශතයක් ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය නම් තම පක්ෂය යටතේ තරග කළ හැකි බවත් ඒ ගැන සළකා බැලීමට තම පක්ෂය සූදානම් බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

 කෙසේ වුවත් ඕනෑම පාර්ශවයක් වෙත තම පක්ෂය විවෘත බවත් එහිදී ඇති එකම කොන්දේසිය වන තම පක්ෂ නාමය සහ ලකුණ යටතේ තරග කිරීම බවද මෙම මාධ්‍ය හමුවේදී මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම්  අදහස් දක්වා ඇත.

කළින් අරගත් තීන්දුවක් !

මේ සම්බන්ධව දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ සිටින පාර්ලිමේන්තුව නියෝජනය කරන  ප්‍රබලයකු වෙතින් අප කළ විමසුමකදී ඔහු සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භයේ සිට මේ ස්ථාවරයේ සිටි බවය. එසේම ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ලෙස  මහින්ද රාජපක්ෂ පත්කරන අවස්ථාවේ ද හදිසි මැතිවරණයක් සඳහා සූදානම් කෙරුණු බවත් රටපුරා දිස්ත්‍රික් සමුළු පැවැත්වූයේ ඒ අනුව බවද ඔහු පැවසීය.

ආණ්ඩු හදන විට ජන්ද කතා තිබුණේ නෑ !

එහිදී අප විමසා සිටියේ ජනාධිපතිවරයා සමඟ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණ සඳහා තරගකරන ආකාරය සම්බන්ධව සාකච්ඡාවක් තිබුණේද යන්නය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු පවසා සිටියේ තමා දැනුවත්ව  ජනාධිපතිවරයා කිසිඳු අවස්ථාවක එවැන්නක් ගැන සාකච්ඡා කර නොතිබූ බවය. එසේම ජනාධිපති තුමා මහින්ද අගමැතිවීම සම්බන්ධව පක්ෂ අභ්‍යන්තරයට සිදුකළ කරුණු පැහැදිළි කිරීමේදීද එවැන්නක් සඳහන් නොවූ බවය.

ශ්‍රීලනිපය කැළඹේ !

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණ වලදී තම පක්ෂයේ නමින් සහ සලකුණෙන් පමණක් තරග කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බරපතල නොසන්සුන්තාවක් හටගෙන ඇති බවද  වාර්තා වෙයි.

පසුගිය ඔක්තෝබර් 26 වනදා ජනාධිපතිවරයා ගනුලැබූ තීරණය සහ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ ගෙන ඇති තීරණය හමුවේ ඉදිරියේ පාක්ෂිකයන් වෙත යාමට තබා පාරට බහින්න නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත් මේ සම්බන්ධව මෙතෙක් යහපාලන ආණ්ඩුවේ සිටි ශ්‍රීලනිප අමාත්‍ය කමිටුව එක්ව සාකච්ඡා කිරීමට ඔවුන් තීන්දු කර ඇති බවද දැනගන්නට ඇත.

එසේම මේ සම්බන්ධව අදහස් දක්වන ශ්‍රීලනිප  පාර්ශවයේ බහුතරයක අදහස වී ඇත්තේ එස්.බී. දිසානායක සහ බැසිල් රාජපක්ෂ විසින් ලබාදුන් දේශපාලන කඹයක් ජනාධිපති සිරිසේන මහ දවාලේ ගිල ඇති බවය.

එජාපය බෑ කිව්වා : රනිල් එළියට ! - මහින්ද හා කිව්වා : මහින්ද ඇතුළට !

මේ සම්බන්ධව අප වෙත ලැබී ඇති විශ්වාසවන්ත තොරතුරක් වන්නේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය දියත් කිරීමට පෙර ජනාධිපතිවරයාගේ නියෝජිතයන් දෙදෙනෙකු ලෙස ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් පැමිණ 2020 ජනාධිපතිවරණය සඳහා සිරිසේන ජනාධිපතිට අපේක්ෂකත්වය ලබාදීමට එක්සත් ජාතික පක්ෂයට යෝජනා කළ බවය.

එහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කර සාකච්ඡාවට ගොස් තිබෙන්නේ මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ය. එහිදී එම අමාත්‍යවරුන් සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ යලිත් වරක් සිරිසේන ජනාධිපතිට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට සූදානම් නොමැති බවය. 

 සිරිසේන ජනාධිපති මහින්ද රාජපක්ෂට එන්න කියා අගමැතිධුරය ලබාදී ඇත්තේ මෙම සාකච්ඡාව සිදුව සති දෙකක් ඉක්මයන්නට පෙර බවද අප ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ සම්බන්ධව කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දෙන ලංකාcනිව්ස් වෙබ් අඩවිය පළකර තිබූ පුවත 


No comments:

Powered by Blogger.