Ad

ජනපති ලෝක අමාරුවක වැටෙයි : පාර්ලිමේන්තුව විසුරවන දිනය මෙන්න.


මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධූරය ලබාදුන්නද පාර්ලිමේන්තු බහුතරය ලබාගැනීමට නොහැකි වීම මත ආණ්ඩුවේ ප්‍රධානීන් දැඩි පීඩනයකට ලක්ව ඇතැයි වාර්තා වනවා. 

ඇතිවී තිබෙන තත්වය හමුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යාම සදහා ජනාධිපති සිරිසේන විසින් නීතිපතිවරයා, අගවිනිසුරුවරයා සහ මැතිවරණ කොමිසම වෙන වෙනම කැඳවා ඔවුන්ගේ මතය විමසා ඇති අතර ඒ සියලූම දෙනාගේ මතය වී ඇත්තේ මේ මොහොතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමට ආන්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බලයක් නොමැති බවයි. 

එජාප මන්ත්‍රීන් බිලීබෑම 

ඊයේ දිනයේදී ප්‍රජාතන්ත්‍ර විරෝධි ආණ්ඩු පිහිටුවීමට එරෙහිව නියෝජ්‍ය ඇමතිධූරයෙන් ඉල්ලා අස්වූ මනූෂ නානයක්කාරගේ පිල් මාරුවත් සමඟ ආණ්ඩුව සමඟ සම්බන්ධ වීමට ඉඟි පළකරමින් සිටි සියලු දෙනා එම අදහස අමතක කර දමා තිබේ.

පාර්ලිමේන්තුව නුදුරේදීම විසිරුවන බවටත් ඉන් පෙර පැමිණ ප්‍රතිලාභ භුක්ති විදින ලෙසත් පවසා එසේ පිල් මාරුවට ඉඟි කල මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම සඳහා ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා, බැසිල් රාජපක්ෂ මහතා සහ ඩඩ්ලි සිරිසේන මහතා මන්ත්‍රීවරුන්ට වරින් වර දුරකතනයෙන් ආමන්ත්‍රණය කරමින් විවිද යෝජනා ඉදිරිපත් කරමින් සිටින බව අනාවරණය වී ඇත. 

පාර්ලිමේන්තුව විසිර වීම. 

නීති අංශ කෙතරම් ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් බව පැවසුවද එළඹෙන 14 වනදා පාර්ලිමේන්තුව කැඳවන අවස්ථාව වන විට පාර්ලිමේන්තු බහුතරය නොමැති බවට හැඟි ගියහොත් 13 වනදා රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිපතිවරයා තීරණය කර ඇත. එය 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් ය.


ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ විසින් දැක්වූ අදහස්


No comments:

Powered by Blogger.