Ad

ත්‍රිවිධ හමුදාපතිවරු ජනපතිගේ ආරාධනාව මගහරිති.


ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නිර්ලජ්ජිත ම පාවාදීම සිදුකළ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට මෙරට ත්‍රිවිධ හමුදාපතිවරු තීරණය කර ඇත.

ඒ, ඊයේ (07) මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාපතිවරු කැඳවූ අවස්ථාවේ ඔවුන් තිදෙනාම එම ආරාධනාව බාර නොගෙන අදාළ කැදවීම සඳහා නියෝජිතවරු තිදෙනකු පිටත් කර හැරීමෙනි.

කෙසේ වෙතත් ලැබෙන ආරංචිමාර්ගවලට අනුව ජනාධිපතිවරයා ද අදාළ නියෝජිත තෙපළ හමු නොවී එම හමුව කල් දැමු බව ජනාධිපති ලේකම්කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ත්‍රිවිධ හමුදාවට ජනතා ආචාරය

ත්‍රිවිධ හමුදා පාර්ශ්වයෙන් ලැබෙන ආරංචි මාර්ග සැල කර සිටින්නේ: දැනට පවතින්නේ නීත්‍යානුකුල නොවන ආණ්ඩුවක් බවත්, තමන් පිළිගන්නේ ඒකතෝබර් 26ට පෙර තිබූ තත්ත්වය බවත් සඳහන් කරමින් කතානායක කරු ජයසූරිය මහතා නිකුත් කළ නිල නිවේදනය මෙම සිද්ධියට බලපා ඇති බවයි. එනම් කතානායකවරයාගේ නිවේදනය සත්‍යය සහ නීත්‍යානුකුල බැවින් ත්‍රිවිධ හමුදාව කුමන්ත්‍රණකරුවන්ගේ අණ පිළිපැදීමෙන් වැළකි සිටින බවයි. සැබැවින්ම ආරක්ෂක අමාත්‍යධුරය හොබවන්නේ ජනාධිපතිවරයා වුව ද ඔහු පිස්සකු ලෙස හැසිරෙන්නේ නම් රටක ත්‍රිවිධ හමුදාවේ වගකීම වන්නේ රටෙත් ජනතාවගෙත් සුබසිද්ධිය උදෙසා සර්වසාධාරණ ලෙස කටයුතු කිරීම ය.

මේ අවස්ථාවේ රටේ පවත්නා තත්ත්වය අනුව ත්‍රිවිධ හමුදාව ද පිස්සකුගේ අණ පිළිපදින තත්ත්වයට පත්වුවහොත් සිදුවන්නේ මහත් විනාශයකි. එය සැලකිල්ලට ගෙන ව්‍යවස්ථානුකුලව කටයුතු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාපතිවරු විසින් ගනු ලැබ ඇති මෙම තීන්දුවට හිස නමා ආචාර කළ යුතු ය.

ගහන පදයට නටන පොලිස්පති

එහෙත් ත්‍රිවිධ හමුදාවට එබඳු කශේරුකාවක් තිබුණ ද පොලිස්පතිට නම් එය නොමැති බව ඔහු කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන් ම ඔප්පු කර හමාරය. පොලිස්පතිවරයා එහි පළමු නාටකය රඟදක්වන්නේ පසුගිය දිනක ගෝඨාභය රාජපක්ෂට ආචාර දැක්වීමෙනි. ගෝඨාභය රාජපක්ෂ යනු මේ මොහොතේ හුදෙක් සාමාන්‍ය පුරවැසියකු පමණක් නොව විශේෂ අධිකරණයක විභාග වන නඩුවක චුදිතයෙකි. එවන් චූදිතයකුට ආචාර සමාචාර පවත්වන්ට තරම් රටේ පොලිස්පතිවරයා පහත්තත්වයට වැටී ඇත්නම් ඔහුගෙන් රටේ ජනතාවගේ ආරක්ෂාව බලාපොරොත්තු වන්නේ කෙසේද යන්න බරපතළ ගැටලුවකි. පොලිස්පතිවරයාගේ දෙවන නාටකයේ දෙබස් ප්‍රකාශ කරන්නේ ‘‘මම කරන්නෙ ජනපති කියනදේ. හිටපු මැතිඇමතිවර්න්ට ආරක්ෂාව දෙන්න මට බැහැ’’ යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමය. ඔහු නිල වශයෙන් ජනාධිපතිවරයාගේ අණ පිළිපැදීමට සිටින බව සැබවි. එහෙත් වාස්තවික තත්ත්වය මත ජනපති පිස්සු කෙළින විට එම පිස්සාගේ පාර්ශ්වය ගෙන කටයුතු කරන්නට නොහැකිය. මන්ද ඔහු එක් හිතුවක්කාර පුද්ගලයකුගේ ආරක්ෂාව වෙනුවෙන් පමණක් පත්කළ පුද්ගලයකු නොව සමස්ත රටේ ම ජනතාවගේ ආරක්ෂාව, නීතිය සහ සාමය සැලසීම වෙනුවෙන් පත්කළ පුද්ගලයෙකි.

මේ මොහොතේ රටට අවශ්‍යවන්ගේ පිස්සන්ගේ අණ පිළිපදින පොලිස්පතිවරයකු නොව රටේ සාමය සහ නීතිය ආරක්ෂා කරන පොලිස්පතිවරයෙකි. ඔහු විසින් එය ඉටු කරනු නොලබන්නේ නම් අනාගතයේ දී ඒ සඳහා වන්දි ගෙවන්නට ද ඔහු සැදී පැහැදී සිටිය යුතු ය.

[sis.lk]

No comments:

Powered by Blogger.