Ad

මාදුළුවාවේ සෝභිත නාහිමි තුන්වන ගුණ සැමරුම අද : ජනාධිපති එන්නේ රෙදි ඇඳගෙන ද?


පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වී අදට වසර තුනක් සම්පූර්ණ වේ.

යහපාලනයත් ප්‍රජාතන්ත්‍රවාදයත් මෙරට ස්ථාපිත කිරීමට නායකත්වය ගත් උන්වහන්සේ 2015 නොවැම්බර් 08 වැනිදා සිංගප්පූරුවේදී අපවත් වූහ. 

තමා ජීවිතයෙන් සමුගන්නට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු දක්නට ලැබීම සැනසිල්ලට කරුණක් වන බව උන්වහන්සේ කිහිපවරක් ම ප්‍රකාශ කළහ. 

නමුත් උන්වහන්සේගේ අපවත් වීමෙන් වසර තුනක් සම්පූර්ණ වන විට සිරිසේන ජනාධිපතිවරයා යහපාලනයට ද පයින් ගසා විධායක ජනාධිපති ක්‍රමයේ බලය අසීමිත අයුරින් භාවිතා කරමින් සිටියි.

ඒ, පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලු යහපාලන මූලධර්මයන් අමු අමුවේ ඝාතනය කිරීමට ය.

මෙවත් තත්ත්වයක් තුළ අද (08) සවස 3.00ට කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වෙන අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි තුන්වන ගුණ සැමරුමට ජනාධිපතිවරයාට විලිලැජ්ජාවක් ඇතිව සහභාගී විය හැකි දැයි සැක සහිතය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප කල විමසීමක දී ගුණ සමරු සංවිධායකයන් ප්‍රකාශ කළේ සෝභිත නාහිමිගේ දේහය අසල වූ පොරොන්දුව පවා අමු අමුවේ බිඳ දැමු සිරිසේන ජනාධිපතිවරයාට මෙම ගුණ සැමරුමට සහභාගී වීමේ සධාචාරාත්මක අයිතියක් නැති බවයි.

කෙසේ නමුත්, යහපාලනයත් ප්‍රජාතන්ත්‍රවාදයත් අගය කරන සියළු ශ්‍රී ලාංකිකයන් වෙත  සෝභිත නාහිමි ගුණ සමරුව සඳහා සහභාගී වීමට ආරාධනා කරන බව ද ඔවුන් පැවසුහ.




No comments:

Powered by Blogger.