මහින්ද ලොහාන්ට දෙහි කපයි : ලොහාන් චම්පිකගෙන් සමාව ගනී.


පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී අවස්ථාවේදී පා.ම ලොහාන් රත්වත්තේ මහතා විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාව තල්ලු කිරීම දේශපාලන ලෝකයේ උණුසුම් පුවතක් බවට පත්විය.

එම සිදුවීමෙන් පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලොහාන් රත්වත්තේ කැඳවා එම සිදුවීම සම්බන්ධයෙන් චම්පික රණවක මහතාගෙන් සමාව ඉල්ලා සිටින ලෙස දැනුම්දී ඇත.

"ලොහාන් තමුසේ ඔය යකාව එක පාරක් තල්ලු කරපු එකට ඔය යකා අපිව දහ පාරක් තල්ලු කරනවා. දැක්කනේ රතන හැසිරුණ හැටි?" අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී ලොහාන්ට ප්‍රකාශ කර ඇත.

ඒ අනුව අද උදෑසන පාර්ලිමේන්තුවෙදී පා.ම රාධක්‍රිෂ්ණන් මහතා සමඟ පැමිණ ලොහාන් රත්වත්තේ විසින් පාඨලී චම්පික රණවක මහතාගෙන් සමාව ඉල්ලා ඇති අතර තමන් ඒ මොහොතේ ආවේගශීලීව හැසිරීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවද දැනුම්දී තිබේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.