සිරිසේනට පොලිස් කොමිසමෙන් කණේ පහරක්: CID නිශාන්තගේ ස්ථාන මාරුව අවලංගුයි.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ ස්ථාන මාරුව වහාම අවලංගු කිරිමට ජාතික පොලිස් කොමිසම නියෝග කර ඇත.

ඒ අනුව එම ස්ථාන මාරුව අවලංගු කරන ලෙස තමන් උපදෙස් ලබා දුන් බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කෙරුණේ පෙරේදා (18) දිනයේය. මීගමුව පොලිස් ස්ථානයේ සාමාන්‍ය රාජකාරි භාරගන්නා ලෙස ඔහුට ඊයේ දැනුම් දී තිබිණ.

පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතාට හදිසියේ ස්ථාන මාරුවිමක් ලබා දිම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ රටේ දැඩි කතාබහට ලක්වූ කරුණක් විය. ඒ ඔහු විසින් සිදුකරමින් තිබු විමර්ශන කිහිපයක් රටේ වැඩිදෙනෙකුගේ අවධානයට ලක්වූ සිද්ධීන් වීම හේතුවෙනි.

ආන්දෝලනාත්මක විමර්ශන පහක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වුණු මූලිකම විමර්ශන 5ක් ම සිදු කෙරුණේ නිශාන්ත සිල්වා මහතා යටතේය.

කප්පම් ගැනීම සඳහා තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය, සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ද නේශන් පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසාවට ලක් කිරීම, උපාලි තෙන්නකෝන් සහ නාමල් පෙරේරා යන මාධ්‍යවේදීන්ට පහරදීම යන අපරාධ පිළිබඳව විමර්ශන කටයුතු ක්‍රමවත්ව ඉදිරියට ගෙන ගියේ නිශාන්ත සිල්වා මහතා විසිනි.

එසේම යාපනයේ විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ ද අපරාධකරුවන් සියලුම දෙනාට නිසි දඬුවම් පැමිණවෙන අවසානයක් කරා සාර්ථකව නඩුව ගෙන ගියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ උත්සාහයෙනි.

විත්තිකරුගේ වුවමනාවටද ?

කෙසේවෙතත් මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් කරුණක් වූයේ පෙරකී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන නේවි සම්පත් නමැත්තාට රටින් පළායාම සඳහා එවකට නාවික හමුදාපති, වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ආධාර, අනුබල දී ඇති බව හෙළිදරව් වීමයි.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය කිහිපවතාවක් ම නියෝග නිකුත් කළ ද ඔහුව අත් අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් නොතිබුණේ ඔහුට රටේ ඉහළම තැනින් දේශපාලන රැකවරණ සැළසුණු නිසා බව ද ප්‍රසිද්ධ කරුණක් විය.

වැලිඅමුණ කියන කතාව :

මෙම ස්ථාන මාරුව හා CID නඩු වලට කුමක් සිදුවන්නේ දැයි ජනාධිපති නීතිඥ සී. ජේ. වැලිඅමුණ මහතා විග්‍රහ කලේ මෙසේය.




මේ පිළිබඳව හරීන් ප්‍රනාන්දු විසින් දැක්වූ අදහස්


No comments:

Ad
Powered by Blogger.