Ad

නැති අගමැතිකමකින් මහින්ද ඉල්ලා අස්වීම අද: ඉරිදා නැවත අගමැති රනිල්.

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ අද (15) ඉල්ලා අස්වූවත් රනිල් වික්‍රමසිංහ වෙත ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පිහිටුවීම කල්යන ලකුණු පෙන්නුම් කරන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ සිරිසේන ජනාධිපති අද පෙරවරුවේ පැවැත්වෙන උත්සවයක් සඳහා දියතලාව හමුදා කඳවුරට යාමට නියමිත නිසාය. 

මින් තහවුරු වන්නේ ජනාධිපතිවරයාට රටේ පවතින දේශපාලන හා ආර්ථික අස්ථාවරභාවය පිළිබඳව වගේ වගක් නොමැති බවය.

ඉරිදා අගමැති රනිල් :

නමුත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ එලැඹෙන  ඉරිදා (16) රනිල් වික්‍රමසිංහ මහතා   අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්දීම සදහා සූදානමක් පවතින බවය. ඒ බව කතානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පෙරමුණ නායක රනිල් වික්‍රමසිංහ, ජනාධිපති සිරිසේන අතර පැවති සාකච්ඡාවේදී එකගතාවයක් ඇතිව තිබූ බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වුවත් එක්සත් ජාතික පෙරමුණ ආරංචිමාර්ග සඳහන්කර සිටින්නේ අගමැතිවරයා ලෙස කඩිනමින් රනිල් වික්‍රමසිංහ නායකවරයා පත්කර පවතින අර්බුදය කඩිනමින් විසඳීමට ජනාධිපති සිරිසේන කටයුතු කලයුතු බවය. ගතවන සෑම මොහොතක් පාසාම රාජ්‍ය යාන්ත්‍රණය මෙන්ම රටේ ආර්ථිකය දරුණු කඩා වැටීමකට ලක්වෙමින් ඇති බවත් ඒ හමුවේ තවදුරටත් රට අස්ථාවර වීමට ඉඩහැරීම කොහෙත්ම අනුමත කල නොහැකි බවද ඔවුන්ගේ අදහස වී තිබේ.

නැති අගමැතිකමකින් ඉල්ලා අස්වීම

මහින්ද රාජපක්ෂ මහතා අද (15) දිනයේ අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ රාත්‍රියේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද එය ස්ථිර කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි. 

අද උදෑසන 9.00ට විජේරාම ප්‍රදේශයේ පිහිටි නිල නිවසේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම ඉල්ලා අස්වීම නිවේදනය කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

රට තුළ දැඩි දේශපාලන අර්බුදයක් නිර්මාණය කරමින් සිදුවූ ඔහුගේ අග්‍රාමාත්‍ය තනතුරට පත්වීම මෙන්ම මෙම ඉල්ලා අස්වීම ද තරමක් විවාදපන්න මාතෘකාවක් වී තිබේ.

නීති ක්ෂේත්‍රයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පෙන්වා දෙන්නේ ඉල්ලා අස්වීමට අග්‍රාමාත්‍ය තනතුරක් මහින්ද රාජපක්ෂ මහතාට නොමැති බවයි. ඒ මහතාට අග්‍රාමාත්‍ය තනතුරක් තිබිණි නම් එය අහිමි වූයේ නොවැම්බර් 14 වනදා පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාව සම්මත වූ මොහොතේ සිටමය.

ඉන් ඉදිරියට, පසුගිය දෙසැම්බර් 03 වනදා වනතෙක් සිදුවූයේ නීතිවිරෝධී ලෙස මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ ඇමති මණ්ඩලය තනතුරු දැරීමය. අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ලබාදෙමින් එදින වැළැක්වූයේ එම තත්වයයි. අභියාචනාධිකරණයෙහි අතුරු තහනම් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද ඉවත් කළේ නැත.

එහෙයින් මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ තමන්ට සුපුරුදු පරිදි ලෝක බොරුවක් කරමින් මාධ්‍ය ඉදිරියේ බොරු වැළක් ඇද බා විලිලැජ්ජාව අල්ලෙන් වසා ගැනීමේ උත්සාහයක නිරත වීමට නියමිතව ඇත. මහින්ද රාජපක්ෂ මහතාට අගමැති තනතුරකින් ඉල්ලා අස්වීමට මේ මොහොතේ හැකියාවක් ඇත්නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමට ද හැකිවිය යුතුය.

No comments:

Powered by Blogger.