මහින්දට විපක්ෂ නායක ධුරයවත් දෙන්න.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බවට කථානායකවරයා දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අගහරුවාදා පෙරවරුවේ පැවැත්වීමටද තීරණය කර ඇති බවත් ඔහු සඳහන් කරයි.

අද (17) දිනය තුළ සන්ධානයේ මන්ත්‍රීවරු අතර සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

කෙසේ නමුත් එක්සත් ජනතා නිදහස් ස්න්ධානයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිත්වයෙන් යුත් ආණ්ඩුවේ ඇමති ධුර ලබා ගැනීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

No comments:

Ad
Powered by Blogger.