Ad

යෝෂිතට ඩර්ඩන්ස් රෝහලේදී ශෛල්‍යකර්මයක් [Update]


රග්බි තරගයක් අතරතුරදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝශිත රාජපක්ෂගේ හිසට දරුණු තුවාලයක් සිදුව ඇතැයි ද සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ.

ඔහුට ඩර්ඩන්ස් පෞද්ගලික රෝහලේදී ශෛල්‍යකර්මයක්ද සිදුකර ඇති බව පැවසේ. ඔහුගේ හිස්කබලේ දෙපැත්තෙන් මුහුණ හා නිකට ප්‍රදේශයෙන් යකඩ තැටි දෙකක් යොදා ඇති බවද පැවසේ.

මේවන විට ඔහු හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසුවන බව පැවසෙන අතර කෙසේවුවද, ඔහුට නැවත රගර් ක්‍රීඩාවේ නොයෙදෙන ලෙස වෛද්‍යවරු උපදෙස් ලබාදී ඇති බවද වාර්තා වේ. යෝශිත සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමේ නායකයාද වේ.

Info Sri Lanka News වෙබ් අඩවිය ද ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

යෝශිතගේ පිළිතුර


කෙසේ නමුත් මීට සුලු මොහොතකට පෙර යෝශිත රාජපක්ෂ ටුවිටර් සටහනක් තබමින් පවසන්නේ තමන්ට ශෛල්‍යකර්මයක් කර බව සැබෑ බවත් ඉතා ඉක්මනින් ම නැවත රගර් ක්‍රීඩාවේ නියැලෙන බවයි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.