Ad

යාපාටත් හොඳවයින් අමතා සිරිසේන 19ට වැඩක් දෙන්න යයි.

ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කරමින් කුමන්ත්‍රණ ආණ්ඩුවක් පිහිටවූ සිරිසේන ජනාධිපති 19 වන ව්‍යවස්ථාවේ දුර්වලතා ඇති බව කියමින් එය සංශෝධනය කිරීමට සූදානම් වන බවට දේශපාලන විශ්ලේෂකයන් අනතුරු හඟවයි.

ඊයේ (06) ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක් උපුටා දක්වමින් ඔවුන් මේ බව අවධාරණය කර සිටියි.

එහිදී දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම ඇතුළු  19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ ගෞරවය තනි මුක්තියට ගැනීමට නිවේදනය හරහා ජනාධිපතිවරයා කටයුතු කර ඇති නමුත් ඒ හරහා සිදුකල විධායක ජනාධිපතිට පාර්ලිමේන්තුව වසර 4 1/2 යනතුරු විසුරවිය නොහැකි බව ඇතුළු එම ධූරයේ බලතල කප්පාදු කිරීමට සළසන ලද කොටස් සඳහන් නොකිරීම බරපතල සැකසංකා මතුකරන්නක් බවය.

ඒ අනුව ජනාධිපති සිරිසේන ඒකාධිපති ආරූඪයක් ගැනීමට ඇති බාධා ඉවත්කරගෙන යලිත් ජනාධිපතිවීමේ සූදානමක් ඇති බවත් එම තත්ත්වය සැඟවීම සඳහා පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව අදාළ සංශෝධන සිදුකරන බවට ව්‍යාජ වාක්‍යක් ඊට යොදා ඇති බවත් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසවී ඇත.

යාපාට ජනපති හොඳවයින් අමතලා 

"19 වැනි සංශෝධනය අපි ආවම වෙනස් කරන්න වෙනවා” යනුවෙන් බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේදී පෙරේදා (05 දා) පැවැති මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලක්ෂමන් යාපා අබ්වර්ධන මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දොස් නගා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

යාපා මහතාට පාන්දරින්ම දුරකථනය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මෙසේ දොස් නගා තිබේ.

19 වැනි සංශෝධනයේ දුර්වලතා ඇතත් සමස්ථයක් ලෙස ගත් කළ එය වැදගත් සංශෝධනයක් බවද, ජනාධිපතිවරයා එහිදී යාපා මහතාට අවධාරණය කර ඇත.

මින් පසුව ඔවැනි කතා නොකියන ලෙසට ද ඔහුට අවවාද කර ඇති බව එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.


යාපා මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී "19 වන ව්‍යවස්ථාව සංශෝධනයට ඡන්දය දීම ගැන අපි කනගාටු වෙනවා. ඒකෙන් වුණු ආරාවුල ජනතාවගේ පැත්තෙන් බේරා ගන්න බැරි තත්ත්වයට පත්වෙලා. මිනිස්සුන්ට තියා අපිට තේරෙන්නෙත් නැහැ මොනව වෙනවාද කියලා. කොමිෂන් සභාව පත් කරලා ප්‍රජාතන්ත‍්‍රවාදය සුරකියි කියලා හිතලයි අපි ඡන්දය දුන්නේ. නමුත් මේ නිසා ජනතාව පීඩනයකට ලක්වෙලා. අද වෙන කොට 19 රට අස්ථාවර කරලා. මේ නිසා 19 වැනි සංශෝධනය අපි ආවම වෙනස් කරන්න වෙනවා. 120 වැඩි බලයක් දුන්නොත් 150 ක් හදාගෙන මේ ව්‍යවස්ථාවත් වෙනස්කර රට ඉදිරියට ගෙන යෑමේ හැකියාව තියෙනවා.” යනුවෙන් පවසා තිබිණි.

පහත දැක්වෙන්නේ ව්‍යවස්ථාව කඩා කුමන්ත්‍රණ ආණ්ඩුවක් පිහිටවූ, පාර්ලිමේන්තුව තුළ බහුතරය නොමැති බව ඔප්පුවීම හමුවේ පාර්ලිමේන්තුවද විසුරවා හැරිය  සිරිසේන ජනාධිපති නිකුත් කල අදාළ මාධ්‍ය නිවේදනයයි.


No comments:

Powered by Blogger.