නාමල්ට හෙටක් හදන්න රාජපක්ෂ පවුලෙන් තවත් මුණූ මතුවෙයි.
නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා පොදුජන පෙරමුණ තුළ නායකයකු වශයෙන් පෙරට ගෙන ඒමත් ඒ වෙනුවෙන් බාධාවන බවට සැකකෙරෙන පාර්ශව දේශපාලන කරළියෙන් ඈත් කිරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් දැනගන්නට ඇත.
ඒ අනුව මේ වන විටත් මාතර දිස්ත්රික්කයෙන් රාජපක්ෂ පවුලේ මහින්ද රාජපක්ෂ මහතාට ඉතා ලඟම ඥාති පුත්රයෙක් මේ වනවිටත් මැතිවරණ කටයුතු ආරම්භකර ඇති අතර ඔහුගේ ආගමනයට දිස්ත්රිකක්යේ සන්ධානයේ ප්රබල දේශපාලන චරිතවල බලවත් විරෝධම මතුව ඇති බවද වාර්තා වෙයි.
රාජපක්ෂ පවුල්වාදයට ගොදුරු නොවූ දිස්ත්රික්කයක් වන මාතර ද රාජපක්ෂ පවුලේ බූවල්ලාගේ අඬුවලට හසුවීම සන්ධානයේ මාතර ප්රබලයන්ගේ දැඩි විරෝධාකල්පයකට හේතුවී ඇත.
No comments: