Ad

WDJ එජාපයට උපදෙස් දෙන්න ගිහින් ඇන ගනී : දෝෂාභියෝගයට ඕන සරල බහුතරයක් ලූ.


රජය පිළි නොගත්තානම් එක්සත් ජාතික පක්ෂය කළ යුතුව තිබුණේ ජනපතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මහතා පවසයි.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. දෝෂාභියෝගයක් සරළ බහුතරයකින් වුවද ඉදිරිපත් කළ හැකි බව ඔහු පැවැසීය.

"දෝෂාභියෝගයක් ගේන්න තිබුණා. ඒකට ඕන 113  සරල බහුතරයක්. ඒක කරන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂය මූලික අයිතාවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළා. ඒවා දැන් උසාවියේ විභාග වෙනවා. අපි ආපුවාම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කරනවා. මේ අර්බුදයට විසඳුම මහ මැතිවරණයක් පමණයි."

දෝෂාභියෝගයට ඕන සරල බහුතරය ද?

දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා 2/3ක  බහුතර බලයක් අවශ්‍ය වේ.  කණාගාටුවට කරුණ නම් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුවෙක් ද වන ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මහතා ඒ බව නොදැන සිටීමය.

ඔබේ දැන ගැනීම පිණිස  දෝෂාභියෝගය ක්‍රියාත්මක කරන ආකාරය පහතින් දැක්වේ.

  1. ඡනපතිට එරෙහි දෝෂාභියෝගය උදෙසා චෝදනා වලින් එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම අඩංගු කරමින් පළමුවෙන් ම කල යුත්තේ පෙත්සමක් සකස් කිරීමය.
  2. ඉන් අනතුරුව, පෙත්සම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර මන්ත්‍රීවරු 2/3ක අත්සන් ලබාගත යුතු වේ.ඉන් අනතුරුව 2/3ක අත්සන් සහිත දෝෂාභියෝගය කතානායකවරයා වෙත යොමු කල යුතු වේ.අත්සන් 2/3ක් ඇත්නම් දෝෂාභියෝගය අනිවාර්යෙන්ම කතානායකට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමට සිදුවේ.
  3. දෝෂාභියෝගය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමත් සමඟ ඡනපති සතු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සහ කල්තැබිමේ බලය අහෝසි වේ.
  4. දෝෂාභියෝගය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ විවාදය අරඹනු ලැබේ.විවාදය අවසානව‍යේ පැවැත්වෙන ඡන්ද විමසිමෙන් පාර්ලිමේන්තුවට පැමිණි හා නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුලත්ව දෝෂාභියෝගය 2/3කන් අනුමත විය යුතුය.
  5. ඉන් අනතුරුව දෝෂාභියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරනු ලැ‍‍බේ.එහි දී දෝෂාභියෝගය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ පරික්‍ෂණයක් සිදු කරනු ලබයි.ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෝෂාභියෝගය අනුමත කල යුතු වේ.
  6. අධිකරණ අධික්‍ෂණයෙන් අනතුරුව දෝෂාභියෝගය නැවතත් පාර්ලිමේන්තුවට යොමු කරනු ලැබේ.ඒ දෝෂාණියෝගය පිළිබඳ අවසන් විවාදය උදෙසාය.විවාදය අවසානයේ පැවැත් වෙන ඡන්ද විමසිමෙන් පාර්ලිමේන්තුව‍ට පැමිණි හා නොපැමිණි මන්ත්‍රීවරු 2/3කින් දෝෂාභියෝගය සම්මත විය යුතුය.
  7. එසේ දෝෂාභියෝගය සම්මත වුවහොත් ඡනපති සතු සියලු බලතල අහිමි ෙව්.
[පාදක පුවත අද පුවත්පත අනුග්‍රහයෙනි.]

No comments:

Powered by Blogger.