සියළු බාධා ඉවරයි : 2020ට ගෝඨා : බැසිල්ගෙනුත් පොරොන්දුවක්.


මීලග ජනාධිපතිවරට ඉදිරිපත් වීමට පැවති සියළු බාධා ඉවත් කර ගත් බව ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.

ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ ඔහුගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වන ‘වියත්මග’ වාර්ෂික සුහද හමුවේදීය.

සති කිහිපයක් විදේශගතව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා යලි ලංකාවට පැමිණි වහාම මෙම සුහඳ හමුව සංවිධානය කර තිබිණ.

මෙම හමුවට පෙර ගෝටාභය රාජපක්‍ෂ මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාද මුණ ගැසී ඇති අතර ඔහුගේ ආශිර්වාදයද තමනට හිමි වූ බව ගෝටාභය රාජපක්‍ෂ මහතා මෙම හමුවේදී වැඩි දුරටත් සදහන් කර ඇත.

මීලග ජනාධිපතිවරනයට තමන් තරග වදින්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආශිර්වාදය ලදහොත් පමණක් යයි ඔහු මීට පෙර අවස්ථා ගණනාවක සදහන් කර තිබින.

මේ වසරේ පොහොට්ටු ජනාධිපතිවරයෙක් - බැසිල්

මේ අතර 2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බවත්, නව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් කඩා වැටුණු රට ගොඩනැගීමට තරුණ ජවය හා සහභාගීත්වය තමන් අපේක්‍ෂා කරන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

බැසිල් රාජපක්‍ෂ මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහර ආසනයේ තරුණ බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට ඊයේ (13) එක්වෙමිනි.

මෙය හුදු ප්‍රකාශයක් පමණක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා වසරක් ගතවන විට වසර 72ක් පැරණි එජාපයටත් වසර 67ක් පැරණි ශ්‍රී ලනිපයටත් වසර 53 කට වඩා පැරණි ජවිපේටත් සමහර දිස්ත්‍රීක්ක වලින් එක් කොට්ඨාසයක් හෝ දිනාගත නොහැකි තත්වයට පත්කිරීමට තම පක්‍ෂයට හැකිවූ බවත් ඔහු එහිදී සඳහන් කළේය.


ඉදිරි ඕනෑම මැතිවරණයකදී දිස්ත්‍රීක් 19 ක් තම පක්‍ෂය ජය ගන්නා බවද ඔහු අවධාරණය කළේය.

No comments:

Ad
Powered by Blogger.