Ad

සමෘද්ධිලාභීන් තේරීමේ බලය නිලධාරීන්ගෙන් ගමට.


සෑම ගමකම දුප්පත් පවුල් 25ක් තෝරා සමෘද්ධිය ලබාදීමට කටයුතු කරන බවත් එම සමෘද්ධිලාභීන් තේරීම ගමේ ජනතාවට භාර දෙන බවත් කම්කරු, වෘත්තීය සබඳතා හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

අම්පාර දෙහිඅත්තකණ්ඩිය, පදියතලාව හා උහන ප්‍රදේශවල පැවැති පිළිගැනීමේ උත්සවවලට සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසීය.

මෙතෙක් ග්‍රාම සේවක හා සමෘද්ධි නිලධාරීන් විසින් තෝරා දුන් දුප්පත් පවුල් වෙනුවට ගමේ ජනතාව විසින් තෝරා දෙන දුප්පත් පවුල්වලට සමෘද්ධි ලබාදෙන අතර එහිදී කිසිදු දේශපාලන භේදයකින් තොරව දුප්පත් ජනතාවට සමෘද්ධිය ලබාදීමට හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

එහිදී සමෘද්ධි ප්‍රතිලාභ ලබන සමෘද්ධිලාභීන් උසස් ජීවන මට්ටමකට ළඟා වූ පසු සමෘද්ධිලාභී බාවයෙන් ඉවත්ව යා යුතු බවත් එය මෙතෙක් කල් හැඳින්වූයේ සවිබල ගැන්වූ පවුල් ලෙස බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරියේදී ඔවුන් ධන සවි ගැන්වූ පවුල් ලෙස සලකා නැවත උසස් ජීවන මට්මක් ළඟා කර ගැනීමට ණය සහන සමෘද්ධිය හරහා ලබාදෙන බවද කීය.

No comments:

Powered by Blogger.