හේමසිරිගෙන් ආරක්ෂක ලේකම් ධුරය ගැලවේ : සිරිසේනගෙන් විමල්ට සහතිකයක්!


ආරක්‍ෂක ලේකම්ධුරයේ වෙනසක් සිදුවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉඟිපළකළ බවජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

යුදහමුදාව වැරදිකර ඇත්නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා දෙමළ ඩයස්පෝරාවට කළ ආරාධනය පිළිබඳ තමන් ජනාධිපතිවරයාට දුරකථනය මගින් දැනුම් දුන් බවත්,එම අවස්ථාවේදී ආරක්ෂක ලේකම්ධුරයේ වෙනසක් සිදුකිරීමේ සූදානමක් ඇතැයි පැහැදිලි වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ආරක්ෂක ලේකම්වරයා සිදුකළ ප්‍රකාශය හෙළා දකින බවත්,එවැනි පුද්ගලයෙකු ආරක්ෂක ලේකම් තනතුරට සුදුසු නොමැති බවත් ඒමහතා ප්‍රකාශ කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විමල් වීරවංශ මහතා මේ බව පවසා සිටියේය.

ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් කළ සම්පුර්ණ කතාව පහතින්,

සුබ උදැසනක් සියලූ දෙනාටම. අතිපූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසර. විදුහල්පති තුමනි, රෝහිනී වීරසිංහ ගුරුමාතාවනි, නෙල්සන් මෙන්ඩිස් ගුරු දේවයාණෙනි, අද්මිරාල් ජස්ටින් ජයසුරිය මැතිතුමනි, ගුවන් හමුදාපතිතුමන්  ඇතුළු සියලූම කීර්තිමත්  යුධ, නාවික, ගුවන් සහ පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරී මහත්වරුනි, කීර්තිමත් ආදිශිෂ්‍යනි. මම හිතන්නේ විදුහල්පතිතුමා  කිව්වා වගේ මමත් මෙම අවස්ථාවේ මගේ මා දන්නා ඒ  අතීතයේ ඉ`දල අද වෙනතුරුත් මාත්  සමඟ හිටපු සියලූ දෙනාගේම නම් මතක් කරන්න ගියොත් එහෙම මට ඒක කරන්න බැහැ මොකද මගේ අසනීප තත්වය නිසා. කීර්තිමත් ආදී ශිෂ්‍ය, ඒවගේම වර්තමාන ආචාර්ය මණ්ඩලයේ සහ අතීත අචර්ය මණ්ඩල සාමාජීය මහත්ම මහත්මීනි, සම්භාවනීය ආරාධිත අමුත්තනි, වත්මන් සිසු දරුවනි, නෝනාවරුනි මහත්වරුනි.

මං  හිතන්නේ අපේ හාමුදුරුවනේ අර සුමිත් එදිරිසිංහ මහත්තයා මගේ ජීවදත්ව සටහන කියෙව්වට පස්සේ, ඒ වගේම මේ වීඩියෝ ඉදිරිපත්කිරීම කරාට පස්සේ මං හිතන්නේ ඉතින් මට එච්චර කියන්නට දෙයක් නෑ. නමුත් මට තියනවා මේ ඉතිහාසය ගැන කතාකරනකොට ඉතාමත් වැදගත් කරුණු දෙක තුනක් කියන්න මම හිතන්නේ ඒක වර්තමාන ශිෂ්‍යයන්ට ඉතාමත් වැදගත් වේවි.

මගේ පියා විදුහල්පති කෙනෙක්. මං පියාගේ පාසලේ තමයි ඉගෙනගත්තේ. මං  නාලන්දාවට අවේ ඉගෙනගන්න නෙමෙයි. මං නාලන්දාවට අවේ ශිෂ්‍ය භටයෙක් වෙන්න. ජ්‍යෙෂ්ට ශිෂ්‍ය භටයෙක් වෙන්න. මොකද මං කලින් හිටපු ඉස්කෝලේ තිබුනේ කනිෂ්ඨ ශිෂ්‍යභට කණ්ඩායමක් විතරයි. ඉතින් එකට තිබිච්ච දැඩි ලැදියාව නිසා. මගේ තාත්තා, ඒ ශිෂ්‍යභට කණ්ඩායමේ නිලධාරී තුමන් සමග ඇවිල්ල ඉස්සෙල්ලම මේ නාලන්දාවේ මුණගැහුනේ නෙල්සන් මැන්ඩිස් ගුරුදේවයන්ව. ඒ විදිහට තමයි මම නාලන්දාවට ආවේ. මම නැවතත් කියනවා මං අවේ ඉගෙන ගන්න නෙමෙයි ශිෂ්‍යභටයෙක් වෙන්න. මොකද ඇත්තටම සමහර වෙලාවට තමුන්නාන්සේලාට පුදුම වේවි මට අධ්‍යාපන පොදු සහතිකපත‍්‍ර විභාගය සමත් වෙන්න දෙසැරයක් හෝ තුන්සැරයක් ගියා. අපේ තාත්ත ඉතාමත් දරුණු විදුහල්පති කෙනෙක්. දැන් හිතාගන්න පුළුවන් නේද මට ලැබිච්ච ප‍්‍රතිචාරය කොහොමද කියල. ඊටපස්සේ මම ඇත්තටම ඉගෙනගන්න පටන්ගත්තේ නාලන්දාවට අවට පස්සේ. මගේ පන්තිභාර ගුරුතුමිය තමයි රෝහිනී වීරසිංහ මැතිතුමිය එතුමිය. දැක්කම මට කදුළු ආව ඇස්  දෙකට. ඒ වෘත්තිමය ඉගැන්වීම සහ ඒ දැක්වූ ඉගැන්වීමට තිබුණු කුසලතාවය. රෝහිනී වීරසිංහ මැතිණිය ගැන කියන්නේ බොහෝම මේ බොහොම සුහද චරිතයක් නෙමෙයි ඒ කාලේ. අපි පුදුම බයයි. ඒ උනාට අපිව ඒ අවශ්‍ය විදිහට අධ්‍යාපන පොදු උසස්පෙළ සමත් කරවල විශ්වවිද්‍යාලයට අරින්නට අවශ්‍ය කටයුතුකලේ එතුමියයි.

මට අද අර  ශිෂ්‍යභට පෙළපාලිය නරඹද්දී මට මතක් උනා 1968 මේ නාලන්දාවේ ත්‍යාග ප‍්‍රදාන උත්සවයේදී උසස්පෙළ පන්තියට හිමි ත්‍යාග 5න් 4ක් ම මම දින්නා. ඒ හතරම මං ලබාගත්තේ එවකට අග‍්‍රාමාත්‍ය විදිහට කටයුතුකරපු ඩඞ්ලි සේනානායක මැතිතුමාගෙන්. මට ඒක එහෙම් පිටින්ම මතක් උනා අවුරුදුගානකට පස්සේ අවුරුදු 40කට පස්සේ අර ශිෂ්‍යභට පෙළපාලිය පිරික්සන පරීක්ෂණ කරනකොට. 

ඉතින් අපි කොහෙන්ද පටන්ගන්නේ කියල මටම  හිතාගන්න බැහැ. කියන්න  ඕනේ ඒවා කියල ඉවරයි. හැබැයි නාලන්දාවෙන් මා ලැබූ පන්නරය, අභියෝග ජයගැනීමට මට ලැබුණු ඒ අවස්ථාව, මට මා ඉගෙනගත්ත දේ මට මතක් කරන්න  ඕනේ, අපේ අපේ උසස් පෙළ පන්තියේ අපිට ඉගෙනගන්නුවා, පේ‍්‍රමසිරි ඈපාසිංහ මැතිතුමා ඒවගේම ටි ජි සුගතපාල මැතිතුමා ඒ සමරසිංහ මැතිතුමා වීරසිංහ මැතිනිය අමිතා වීරසූරිය මැතිනිය මේ ජ්‍යෙෂ්ඨ ගුරුවරු. ඒ දවස් වල අපි ටියුෂන් ගියේ නෑ.  අපිට ටියුෂන් යන්න වෙලාවකුත් නැහැ. වැඩි හරියක් අපි හිටියේ මේ ක‍්‍රීඩාංගනේයේ. හැබැයි, අපි මේ ඉගෙනීමේ කටයුතු අපි ඉතා ඉහලින්ම කළා.

මට සමහර වෙලාවට ඔලිම්පික් කමිටු සභාපති විදිහට ඉන්නකොට මට හරි කලකිරීමක් ඇති උනා අපේ දෙමවුපියෝ මේ ටියුෂන් පන්ති වලට ළමයි ඇරීම සදහා ක‍්‍රීඩාවලින් ඒ ළමයින්ව ඉවත්කරගන්නවා විභාගයට මාස තුනක් මාස 4ක් තියලා. ඒගොල්ලෝ දන්නේ නෑ ඒ ළමයින්ව දිගටම, ඒ දරුවන්ව දිගටම ක‍්‍රීඩාවට යොමුකරලා තියනවනම් එයින් ලැබෙන්නා වූ ශක්තියෙන් ඒ ගොල්ලන්ගේ ඉගෙනීමේ කටයුතු තවත් වැඩිදුරට සාර්ථක කරගන්නට ඒ ගොල්ලන්ට අවස්ථාවක් ලැබෙනවා කියලා. ඉතින් ඒ නිසා මට කියන්න  ඕනේ මගේ ගමන්මගේ සාර්ථකත්වයට නාලන්දාව විසින් ඉටු කරනලද මෙහෙය අනුපමයි. එක කතා කරන්න බැහැ. එකක් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භටයෙක් විදිහට මං ගත්ත පන්නරය. 

මම තුන් වතාවක් වෙඩිතැබීමේ ක‍්‍රීඩාවේ මේ රටේ ජාතික ශුරතාවය දිනනකොට, පත්තරවලින් ඇහැව්වා කවුද ඔබ තුමාගේ පුහුණුකරු ඡුැඑඑහ ධෙසෙජැර ඞීඒම්පී  දසනායක,  ඞීඒම්පී  දසනායක කියන්නේ හතර සැරයක් ඔලිම්පික් ගිය හතර සැරයක් ආසියානු ක‍්‍රීඩා තරඟයට ගිය ඉතාම ප‍්‍රවීණ පුහුණුකරුවෙක්.  මං කිව්වා ඔව් හැබැයි මට අයන්න ඉගැන්නුවේ, අර 303 රයිෆලයකින් මට අයන්න ඉගැන්නුවේ මේ නෙල්සන් මෙන්ඩිස් ගුරුදේවයාණන්. මට මතකයි එතුමාගේ ඥාති  සහෝදරයෙකුත් හිටියා මගේ පන්තියේ, අපි දෙන්න තමයි දියතලාවේ වෙඩි තැබීම් වලින් ඉතාම හොදට කලේ. ඒ නන්දින් චන්ද්‍රදේව ඔලිම්පික් වෙඩිතැබීම් වලට අවේ නැහැ. එයා නාවික හමුදාවේ හිටියට මම ඒකට ගියා ඉතින්. ඒක මම හිතන්නේ මං දැකපු, මං  ලබාගත්ත විශේෂම අත්දැකීමක්. ඒ පන්නරය තමයි ජාතික ඔලිම්පික් කමිටුවේ දකුණු ආසියාවේ වැඩිම කාලයක් සභාපති පදවිය හොබවන්නට මට අවස්ථාව ලැබුනේ එදා ඒ වෙඩිතැබීමේ ක‍්‍රීඩාව කරලා ආසියානු ක‍්‍රීඩා තරගයේදී ඩිප්ලෝමා සහතිකයක් දිනලා ජාතික රයිෆල් සංගමයට ගිහිල්ලා ඒ තුලින් ජාතික ඔලිම්පික් කමිටුවට ආපු නිසා. මං  ඒකෙන් ලබාගත් අත්දැකීම් සහ එකෙන් ලැබුන ගෞරවය එක කියල නිමකරන්න බැහැ. අදත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා මහා සම්මේලනය සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ වැඩිම කාලයක් හිටපු උප සභාපති විදිහට මා තාමත් කටයුතු කරනවා. ඉති ඒ නිසා ඒ හැමදේටම මුල් උනේ මා නාලන්ද විද්‍යාලයට ඇවිල්ල ඒ නාලන්ද විද්‍යාලයේ ඉගෙනගන්න ගමන්ම කරපු අනෙත් බාහිර ක‍්‍රියාකාරකම් හේතුවෙන් ලැබූ අත්දැකීම්. 

මං මෙතනින් ඉගෙනගත්ත අභියෝග වලට කොහොමද මුහුණ දෙන්නේ කියලා. පොඩි පොඩි අභියෝග ලොකු ලොකු ඒවා නෙමෙයි. පොඩි පොඩි අභියෝයෝග. මට මතකයි ඉස්සර හිටිය අපේ ගුරුදේවයෙක් යාපා කියලා. අපි කියන්නේ යාපා සර් කියලා මේ විද්‍යාලයේ එවක තිබිච්ච සියලූම බාහිර ක‍්‍රියාකාරකම්, පිරිතක්  සංවිදානය කරන එකද නැත්තන් ක‍්‍රිඩාතරඟයක්ද  එහෙම නැත්තන් ආනන්ද නාලන්ද ක‍්‍රිඩාතරඟය එතුමා විශාල වැඩ කොටසක් කළා. එතුමා ඒ හැමදේටම මා සම්බන්ද කරගත්තා. ඒ තුලින් මා විශාල අත්දැකීමක් ලැබුවා  ඒ කලේ ශිෂ්‍යයෙක් විදිහට මේ කුඩා දේවල් කුඩා අභියෝග වලට මුණ දීල කොහොමද සාර්ථකතත්වයක් ලබන්නේ කියල.   

අද මුහුණ දෙන්නට වෙලා තියන අභියෝග ගැන කතා කරන්නට බැහැ. සුමිත් එදිරිසිංහ මහත්තයා මා ගැන හදුන්වාදීමේ වැඩසටහනේදී වැරද්දක් කළා, එයා කිව්වා මම රණවිරුවෙක් කියල. මං රණවිරුවෙක් නෙමෙයි. මේ රටේ රණවිරුවෝ ඉන්නේ 39000යි. ඒ 39000න් 34000ක් ඉන්නේ යුධ හමුදාවේ, 4400ක් ඉන්නේ නාවික හමුදාවේ, 868ක් ඉන්නේ අපේ ගුවන් හමුදාපතිතුමාගේ ගුවන් හමුදාවේ. රණවිරුවෙක් වෙන්න නම් තමාගේ නමට රණවිරු පදක්කමක් ගැසට් කල යුතුමයි. එහෙම නැතුව දැන් අර මාස 03 කට ඉස්සෙල්ලා හමුදාවට බැදෙන අර තරුණ කොල්ලා ගමෙන් බහින්නේ බස් එකෙන් මමත් රණවිරුවෙක් කියාගෙන ඒක හරියන්නේ නැහැ. රණවිරුවෝ 39000යි ඉන්නේ. මම තමයි ඉස්සෙල්ලම ජනාධිපතිතුමාට කිව්වේ අතිගරු ජනදිපතිතුමනි, මේ ප‍්‍රකාශය කරන්න එපා ඒක හරිම නොමග යවනසුලූ ප‍්‍රකාශයක්. මේ ඉන්න රණවිරුවෝ හැමදෙනාටම ගැසට් කරලා තියෙන්න  ඕනේ රණවිරු පදක්කමක්.

 හැබැයි ගුවන් හමුදාපති තුමාත් දන්නවා, අද්මිරාල් ජස්ටින් ජයසුරියත් දන්නවා 1985 මේ කාලකන්නි යුද්ධය පටන් අරගෙන අවුරුදු 02කට පස්සේ මම හිටියේ ත‍්‍රිකුණාමලයේ ඉදල කිලෝමීටර් 30ක් උතුරෙන් මහා කැලේ මැද්දේ තිබ්බ බොහොම තනිවෙච්ච නාවික හමුදා කඳවුරක කඳවුර භාර නිලධාරියා විදිහට. එතුමා දන්නවා ඉස්සර මේ කදවුරට පිරිස් යවනකොට අපි කියන්නේ ඒ ගොල්ලෝ යන්නේ දබැ අ්හ එසජනැඑ අරගෙන අපහු එන්නේ නෑ කියලා. ඒ තරම් භයානකයි. ඉතින් ඒත් මම රණවිරුවෙක් නෙමෙයි. එත් මට තිබෙනවා පූර්ණ භුමි පදක්කමක්. මට රණවිරු පදක්කම් නැහැ ඍීඡු , ඍඋඡු  මේ එකක්වත් නැහැ. හැබැයි එකක් කියන්නම් ජස්ටින්  ජයසුරිය අද්මිරාල්තුමා දන්නවා මම මාස 06 ක් ඉදලා, ත‍්‍රිකුණාමලයේ ඉදලා 02කේ කෝච්චියේ, 1985 මැයි 31 ත‍්‍රිකුණාමලයෙන් 02 කේ කොච්චිය අරන් මම කොලඹ ආව. එදා 10.30ට මගේ කඳවුරට ගහල බිමට සමතලා කළා. මාව නිවාඩු යවන්න ගිය නාවික හමුදා නිලධාරියෙක් ජීවිතක්ෂයට පත් උනා. එදා මම හිටියනම් එක්කෝ මට මරණෙන් පස්සේ හම්බවෙන වීරෝදාර පදක්කම හම්බවෙනවා. එහෙම නැත්නම් මැරෙන්න හැමෝටම බෑ. මම කියන්නේ හමුදාව මැරෙන එක තමයි අමාරු ජීවත්වෙනවට වඩා මැරෙන්න ලේසියෙන් බෑ. මැරෙන්න නම තියන්නම  ඕනේ. 

මම කුච්චිවේලි ඉන්නකොට ජස්ටින් ජයසූරිය අද්මිරාල්තුමා තමයි ත‍්‍රිකුණාමලය බාරව සිටිය නාවික නිලධාරී තුමා. අපි කියන්නේ NOICT Naval Officer in Charge Trincomalee  කියලා ඊට පස්සේ තමයි Commander Eastern Naval Area  උනේ. එතුමා දන්නවා ඒ තිබුන තත්වය. ඉතින් මේ ඒක හින්ද මට ඕක මතක් කරන්න  ඕනේ උනේ මොකද මේ රටේ බොහෝ දෙනා මේ රණවිරුවෝ කියන එක  වැරදි විදිහට අර්තකථනය කරනවා. ණවිරුවා හමුදාවෙන් ගිහිල්ල මිනියක් මරපු දවසට එයාට රණවිරුවා කියන්න බැහැ. එයාට කියන්නේ මිනීමරුවා කියලා. එයාව ලංකාවේ වලංගු නීතිය අනුව අධිකරණයට ගෙනල්ලා උපරිම දඩුවම් දිය යුතුයි.

අපි ඒවගේ ක‍්‍රියාමාර්ග දැන් අරගනිමින් යනවා. විශේෂයෙන්ම තව සුමාන දෙකක් ඇතුලත ලංකාවේ සිදුවෙච්ච ඉතාම බිහිසුනු  මිලේච්ච මිනිමරුමකට සම්බන්ද වෙච්ච හමුදා පුද්ගලයන් 11 කට අපි නඩු පවරනවා. අන්න එදාට ඩයස්පෝරා එකට කියන්න බෑ ලංකාවේ හමුදාව එහෙම නැත්තන් රජය ඒ මානව හිමිකම් කඩකළ අමානුෂික විදිහට කටයුතු කල හමුදාව් අයට අපි දඩුවම් දෙන්නේ නැහැ කියල. අපි එදාට අභියෝග කරනවා ඩයස්පොරා  එකට උඹලට තියනව නම්, තවත් මේ වගේ ඔප්පු කරන්න පුළුවන් සාධක තියන, මේ වගේ මිනීමැරුම්  කරුණාකරලා අපිට දෙන්න. අපි ඒවත් ඒ විදිහට චිභාග කරලා ඒවටත් දඩුවම් දෙනවා. 

ඉතින් ඒක නිසා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලත් සමහර වෙලාවට මේ රණවිරුවෝ කියන වචනේ වැරදියට පාවිච්චි කරනවා. මේක පාවිච්චි කරන්න එපා. මේකට එංගලන්තේ කියන්නේ War  Hero කියල ඇමරිකාවේ කියන්නේ  War Veterans කියලා. ශ‍්‍රී ලංකාවේ තමයි 500,000ක් යුද්දෙට සහභාගිවූන රණවිරුවෝ කියන්නේ. ඒක සම්පූර්ණයෙන්ම  වැරදි. එතකොට මේක කියනකොට මගෙන් ජනාධිපතිතුමා ඇහැව්වා, ‘දැන් ලංකාවේ මෙච්චරගානක් යුද්දෙට සහභාගී උනා, ඒගොල්ලෝ කවුද?’ කියලා. මම කිව්වා ජනාධිපතිතුමනි, ඒ අය යුද්දෙට සහභාගී වෙච්ච හමුදා භටයින්, නාවික හමුද භටයින්,  සහ ගුවන් හමුදා භටයින්. මේක අපි තේරුම් ගත යුතුයි.

දැන් අපි විශේෂ වැඩ පිළිවෙල් කරගෙන යනවා විශේෂයෙන්ම යුද්ධයෙන් මියගිය හා පූර්ණ අබාධයට ලක්වූ ඒ සියලූ දෙනාටම දැනටත් වඩා අපි අවදානය යොමු කරමින් ඒ අයට පහසුකම් සැලසීමට. හමුදාපතිවරුන් තුන්දෙනා එක්ක මම මේ පිළිබද සාකච්ඡුා කරලා අමාත්‍යංශ මට්ටමෙන් කරන්න  ඕනේ කටයුතු සියල්ලම කරනවා.

එතකොට තව දෙයක් කියන්න  ඕනේ තමුන්නාන්සේලා සියලූ දෙනා දන්නවා දශක තුනක් අපි මහා මිලේච්ච යුද්දෙට පැටලිලා හිටියා, එල්ටීටීඊ සංවිදානයත් සමග ඉතා මිලේච්ච යුද්ධයක්. දහස් ගානක් දෙපැත්තේම මරුනා දහස් ගානක් දෙපැත්තේම වැරදි ක‍්‍රියාවලට යොමුවෙලා ජීවිතක්ෂයට පත් වෙච්ච ගණන අප‍්‍රමාණයි. හැබැයි  මේ එල්ටීටීඊ යුද්ධය මොකක්ද කියල හිතෙයි අපිට බොහොම ඉක්මනට මුහුණ දෙන්න තියන අනෙක් යුද්ධය ගැන හිතනකොට. 

මෙතන ඉන්නවා දේශබන්දු තෙන්නකෝන් මහත්තයා. ඒ පිළිබඳව මේ වෙනකොටත් අපි ජනාධිපති කාර්ය සාධක බලකාය දාලා බලනවා. ඒක තමයි අන්තරයාදායක මත්ද්‍රව්‍ය නැති කිරීමේ යුද්ධය. මේක අපි හිතන තරම් ලේසි නෑ. මේක නැති කරන්න අපි අවතීර්ණ වෙනකොට අපට හිතෙයි එල්ටීටීඊ යුද්ධය ඉතාම් සරල යුද්ධයක් කියල. එය එතරම් භයානකයි. අපි ඊට අවශ්‍ය කටයුතු දැන් කරගෙන යනවා. 

ඒ එක්කම තවත් එකක් කියන්න  ඕනේ අනවසර ගිනි අවි ගැන. මම දැන් සුමාන දෙකකට කලින් තමයි දැනගත්තේ 9mm  පිස්තෝල සහ රිවොලවර් 4,700ක්  ලයිසන් කරලා තියනවා කියලා. හැබැයි ලයිසන් කරපු කිසිම පදනමක් නැහැ. කා ල`ග ද තියෙන්නේ කියලාත් නැහැ. ඒවා පිළිබඳ දත්ත සටහන් කොහෙවත් නැහැ. ඒවා දුන්න ෆයිල් එකකුත් නැහැ. ඉතාම භයානක තත්වයක්. සමහරුන්ට තියනවා පිස්තෝල 14ක් නැත්නම් 15ක් එක්කෙනෙක්ගේ නමට. ඒ පිළිබඳ බොහොම අන්තරාදායක පියවරකට මම අවතීර්ණ වෙලා තියනවා. මම මේ සියලූම ගිනිඅවි පුද්ගලිකවම ආරක්ෂක අමාත්‍යංශයට ගෙනල්ලා පෙන්නලා අනිද්දා ඉ`දන් අවසර පතක් ගන්න  ඕනේ. 

හැබැයි මේ ගිනිඅවි අතේ තියාගන්න පුද්ගලයින් පිළිබ`ද බුද්ධි අංශ වලින් තොරතුරු ලබා ගන්නවා. මෙතෙක් බුද්ධි අංශ වලින් අරගෙන තියන තොරතුරු අනුව නිල වශයෙන් බලපත‍්‍ර දුන්න 4,700කින් 1,000ක් විතර තමයි තමන්ගේ ආයුදේ තමන්ගේ අතේ තියෙන්නේ. අනෙක් අය ල`ග තියෙන්නේ  අර බල පත‍්‍ර කොළ කෑල්ල විතරයි. ඒ ගිනි අවි තියෙන්නේ කොහෙද කියල අපි දන්නේ නැහැ. එක බුද්ධි අංශ වාර්තාවක් අපිට කිව්වා, ‘මේවා සංසරණය වෙනවා හැමතැනම, මේවා පාතාලය අතේ තියෙන්නේ මේ බලපත‍්‍ර තියන මනුස්සයට හැමදාම රුපියල් 50,000ක් ඒ පාවිච්චි කරන මිනිස්සු ගෙනත් දෙනවා’ කියල. මේක ඉතාම භයානක තත්වයක්. මේ පිලිබ`දව අපි තවදුරටත් කටයුතු කරගෙන යනවා. ඉතාමත් බයානකයි. ඒක නිසා අපි එකට අවතීර්ණ වෙලා, තියනවා ත‍්‍රිවිධ හමුදාවල සහයෝගයෙන් අපි මේ අවසරලත් ගිනි අවි, අනවසර ඒවා පස්සේ හොයන්න පුළුවන්, ඉස්සෙල්ල අවසර දීල තියෙන්නේ කොහොමද කියලා හොයන්න  ඕනේ. ඒවා කරලා අපි යම්කිසි වැඩක් කරන්න හදනවා ඒක  ඉතාම භයානකයි.

ඔය ගුවන් හමුදාපති තුමන් දන්නවා මම කිසිම බැකප් එකක්, එහෙම නැත්තනම් ීඔත්‍  කිසිම දෙයක් භාවිත කරන්නේ නෑ. මගෙන් ඇහැව්වා කීපදෙනෙක් ඇයි මේ නිල නිවාසයට යන්නේ නැත්තේ කියල. මම කිව්වා මම මේකෙන් එලියට ගියාට පස්සේ අර පාමන්කඩටනේ යන්න  ඕනේ ඒක නිසා මම එකට යන්නේ නැහැ කියලා. නමුත් මේ වැඬේට බහිනකොට නම් අපි හිතනවට වඩා ආරක්ෂාව තරකරගැනීමක් සහ මේක පටන්ගත්තොත් මොන තත්වෙකින් අපහු අඩිය පස්සට ගන්නේ නැතුව ඉස්සරහට යන්න  ඕනේ. 

මට ජනාධිපතිතුමා එව්වා ඉතාම තරුණ මන්ත‍්‍රීවරු 10 දෙනෙක්. දකුණේ, අම්පාරේ මොනරාගල වගේ පළාත්වලින්. ඒ අය මට ඇවිල්ල කිව්වා, ආරක්ෂක ලේකම් තුමා අපේ ගම්වල අපේ හැම ගමකම 20ක්- 50ක් අතර කුඩු බොනවා අපේ තරුණයෝ කියලා. මට ඇඟ හීතල වෙලා ගිය. 20ක් -50ක් අතර හැම ගමකම කුඩු බොනවා නම් මේ යුද්ධය පටන් ගන්න තිබ්බේ අවුරුදු 20කට එහා දැන් නෙමෙයි. හැබැයි සැහෙන ප‍්‍රමාණයකින් අපි මත්ද්‍රව්‍ය අල්ලලා ඉතාම හො`ද කටයුත්තක් කරගෙනයනවා. හැබැයි ඊට අවශ්‍ය නොයෙකුත් කටයුතු කරන්න ඒකට අවශ්‍ය උපකරණ ගන්න  ඕනේ. රුපියල් බිලියන 1ක් යනවා පලවෙනි ලොට් එක ගන්න. ජනාධිපතිතුමා කිව්වා මම දෙන්නම් ජනාධිපති අරමුදලෙන් කියලා. දැන් ඒ පිළිබඳව ඊශ‍්‍රායලයෙන් ඒ උපකරණ ගෙන්වීමේ කටයුතු කරනවා. මේක හරි අභියෝගයක්. 

මම මේ කතාවට ආවේ, මේ දැවැන්ත අභියෝග වලට මුහුණදෙන ඒ පන්නරය මම ලබන්නේ නාලන්දාවෙන්. ඔන්න ඔය ටික කියන්යි මං ආවේ. අපි අඩිය ගන්නේ නෑ පස්සට මොන තත්වයක් යටතේවත්. 
මුළු පරිපාලන සේවයේ හැමෝම දන්නවා හේමසිරි ප‍්‍රනාන්දු කියන්නේ හරි දඩබ්බර චරිතයක්. ජනාධිපතිතුමාවත් දන්නවා. කියන එක කරන්නේ නෙහැ. එතුමා මට කිව්වා ඔයා මම කියන එකක්වත් කරන්නේ නැහැ කියල. මම කිව්වා සර එකක්වත් නෙමෙයි කරලා තියනවා, හැබැයි කරන්න බැරි ඒවා කරන්න බැහැ. ඉතින් ඒවගේ. 

ඒක නිසා බලමු මට මේ ලබාදුන්නු උපහාරය ඇත්තටම මම මේක ගුවන්හමුදාපතිතුමා මට කිව්වහම අනේ කපිල මට තියන වැඩ වලට මට උපහාර  ඕනේ නැහැ. ඔය මෙහෙ ඇවිල්ල කියපු ඒක මම උපහාරයක් විදිහට ගනන්ගන්නම් මටනම් එන්න බෑ කියල. 10 සැරයකට වැඩිය ආවා. සුමිත් එදිරිසිංහ, මෙයා හරි කරදරයක්, ඇවිල්ල ගෙදරවත් ඉන්ට දෙන්නැහැ, ඇවිල්ලා කොහොමහරි මාව කැමතිකරවගත්තා. හැබැහි අද මේ උපහාරයට පැමිණියාට පස්සේ මං හිතනවා මං ජීවිතයේ ලබපු ඉතාම තෘප්තිමත් අත්දැකීමක් තමයි අද මං මෙතැනට එවිල්ලා ලබාගත්තේ.

පාසල දිහා බැලූවහම අර කාර්මික විද්‍යාල සංකීරණය අසල තියෙන මාරගස් ටිකයි මේ ක‍්‍රීඩාංගනයි ඇරෙන්න අනිත් සියලූ දේවල් වෙනස්වෙලා තියනවා. ඉතාමත් ආකර්ශනීය විදිහට අනිත් සියලූ දේවල් වෙනස්වෙලා. ඒක අපට හරිම ආඩම්බරයක්. අපිට සතුටක්. අපි ඉගෙනගත්තු පාසල, අපිව මිනිස්සු කරලා ලෝකයට මුදා හැරියා. මම සාමාන්‍ය ඉස්කෝල මහත්තයෙකුගේ පුතෙක්. 

අර කිව්වා වගේ මම හිතන්නේ අවූරුදු 42දී මං මෙරටේ අග‍්‍රාමාත්‍ය ලේකම් උනා, ඒක වාර්තාවක්. හැබැයි ආරක්ෂක ලේකම් වුනේනම් මං හිතන්නේ වැඩිම වයස ඇති ලේකම් හැටියට. අපි සියලූ දෙනාටම තියනවා යුතුකමක් රට වෙනුවෙන් මොකක්හරි කරන්න. තමන් ඉගෙනගත්තු පාසල වෙනුවෙන් මොකක්හරි කරන්න. මේ සියලූ දෙන්නාම, මේ විදුහල්පතිතුමා කිවුව පුදුම විදිහට පාසලේ දියුනුව සඳහා දායකවුනා කියලා. මං කිව්වා කපිලට, කපිල කියන්න  අපේ පැත්තනුත් මොනවාද කෙරෙන්න පුලවන්, අපි ඒක කරමු කියල. මම අද හොඳට උණගැනිල ඉන්දෙද්දී ආවේ, මොකද මං මොන තත්වයක් යටතේ වත් හිටියත් මේකට එනවා කියල කිව්වා. ඒක නිසා මං මේ කතාව නවත්වනවා. මේ උපහාරය සංවිධානය කරපු සියලූදෙනාටම, මං නම් වශයෙන් කියන්නේනැ, සියලූදෙනාටම මගේ හෘදයාන්ගම ස්තුතිය පුද කරමින්, නාලන්දාව දිනෙන් දින ඉදිරියට ගිහිල්ලා මේ රටේ අත්විතීය පාසල් වලින්, දැනටමත් අත්විතීය පාසල් වලින් එකක්. මේ රටේ නොම්මර එකේ පාසල වේවා කියල ප‍්‍රර්ථනා කරමින් තමුන්නාසේලා සියලූ දෙනාටම සුබ පතමින් මං නිහඬ වෙනවා.                                   

No comments:

Ad
Powered by Blogger.