නොරොච්චෝලේ ගල් අඟුරු ගබඩා ධාරිතාව පුළුල් කිරීමේ කොන්ත්‍රාත්තුව චීන සමාගමකට.
එම ධාරිතාවය මාස 06 ක ගල් අඟුරු අවශ්‍යතාව සපුරා ගත හැකි වන පරිදි පුළුල් කිරීම සඳහා එහි ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 1.21ක් දක්වා ඉහළ නැංවීම සඳහා සැලසුම් කර තිබේ.
ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිචි චීනයේ M/s China Machinery Engineering Corporation වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයට අයත් සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ හොරණ - පාදුක්ක අතර කි.මී. 25 සම්ප්‍රේෂණ මාර්ගය ඉදිරි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව සහ හබරණ - වාලච්ඡේන අතර සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියේ දෙවන පරිපථයේ කම්බි ඇදීම සඳහා වන කොන්ත්‍රාත්තු M/s China National Electric Engineering Co. Ltd වෙත පිරිනැමීම පිණිස අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
No comments: