Ad

මහින්ද මට දුන්න වාහනේට ගෙව්වෙ මිහින් ලංකා : සුමනදාස.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් තමා වෙත ලබාදුන් මෝටර් රථය සඳහා මිහින් ලංකා සමාගම මගින් එල්. ඕ.එල්.සී මූල්‍ය සමාගමට රුපියල් ලක්‍ෂ 82 ක මුදලක් ගෙවූ බව ප‍්‍රවීණ ජ්‍යොතිෂඥ සුමනදාස අබේගුණවර්ධන මහතා ශ‍්‍රී ලන්කන් මිහින් ලංකා ගුවන් සේවාවල සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතා සොයා බැලීම සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසම හමුවේ පැවැසීය.

තමා ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කළ නිසා අදාළ මෝටර් රථය 2007 වසරේදී ලබාදුන් බවත් ඊට අදාළ යතුර හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරියා ලෙස කටයුතු කළ මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා තමාට බාරදුන් බවත් කීවේය.

අදාළ මෝටර් රථය සමඟ තමාට මෝටර් රථයට අදාළ වසරක රක්‍ෂණ ඔප්පුවක්ද ලැබුණු බව පැවසූ අබේගුණවර්ධන මහතා තමා එම මෝටර් රථය 2015 වසර දක්වා වසර 08 ක් භාවිත කළ බවත් සඳහන් කළේය.

2015 වසරේදී ආණ්ඩුව වෙනස්වීමත් සමඟ අදාළ මෝටර් රථය එල්. ඕ.එල්.සී. සමාගම මගින් රැගෙන ගිය බවත් සුමනදාස අබේගුණවර්ධන මහතා කීවේය.

රජයේ නීතිඥ චතුර ගුණතිලක මහතාගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ අබේගුණවර්ධන මහතා මෙම තොරතුරු කොමිසම හමුවේ හෙළි කළේය.

ශ‍්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සමාගම් සඳහා මෙවැනිම මෝටර් රථ 26 ක් එල්. ඕ.එල්.සී. සමාගම විසින් මිලදී ගෙන ඇති අතර ඊට අදාළ රුපියල් මිලියන 82 ක ණය මුදලක් එම සමාගම සෙලාන් බැංකුවෙන් ලබාගෙන තිබේ.

එල්. ඕ.එල්.සී සමාගම අදාළ මෝටර් රථ මිහින් ලංකා සහ ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම් වෙත කල්බදු පදනම යටතේ ලබාදී ඇත.

(දිවයින)

No comments:

Powered by Blogger.