මෛත්‍රී - මහින්ද විශේෂ හමුවේදී ගත් තීන්දු මෙන්න.


ඉදිරියේදී බිහිවන විපක්ෂ සංධානය නව ලාංඡනයකින් හා නමකින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ නව සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති විශේෂ සාකච්චාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර මෙම විශේෂ සාකච්ඡාව ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විනි.

ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ නියෝජිතයින් සහ පොදු ජන පෙරමුණේ නියෝජිතයින් කිහිපදෙනෙකු සහභාගී වී සිටියද මෙම රැස්වීමටද 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහභාගී නොතිබිණ.

ඉදිරි මැතිවරණවලට ඉදිරිපත්වන පක්ෂය හා ලාංඡනය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ හා 'පොහොට්ටුවේ' නායකයින් අතර පසුගිය මාස කිහිපයෙහි එකිනෙකට එරෙහිව දැඩි මත ප්‍රකාශ කිරීම් එළිපිටම සිදුවිය.

ඉදිරියේදී ගොඩනගන පුළුල් සන්ධානය යටතේ ‘පොහොට්ටුව‘ ලකුණින් වුවත් මැතිවරණවලට තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් බව එම පක්ෂයේ ප්‍රකාශකයකු වන, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පෙරේදා පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

No comments:

Ad
Powered by Blogger.